පළාත් සභා ඡන්දෙ ගැන බුද්ධශාසන කාර්යසාධක මණ්ඩලයෙන් ප්‍රකාශයක්

වත්මන් රජය විසින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් බුද්ධශාසන කාර්යසාධක මණ්ඩලය විසින් ඊයේ(26) දිනයේ විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහානායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ප්‍රමුඛ බුද්ධශාසන කාර්යසාධක මණ්ඩලයේ නායක ස්ථවිරයන් වහන්සේලා 11 නමකගේ අත්සනින් හා බුද්ධශාසන කාර්යසාධක මණ්ඩලයේ ප්‍රධාන තනතුරු දරන ගිහි පිරිස 18 කගේ අත්සනින් යුතුව මෙම ප්‍රකාශය නිකුත් කර තිබේ.

එමගින් පෙන්වා දී ඇත්තේ, වත්මන් රජයේ ‘රට හදන සෞභාග්‍යයේ දැක්ම’ යටතේ මහ මැතිවරණයෙන් පසු නව ව්‍යවස්ථාවක් සැකසීම සඳහා විද්වත් මණ්ඩලයක් පත්කිරීමට කටයුතු කළත්, එහි බලාපොරොත්තු විනාශ කරමින් පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමට යෝජනා ඉදිරිපත් කිරීම පිළිබඳව බලවත් කනස්සල්ලට පත්වන බවයි. එමෙන්ම 13 වන ව්‍යවස්ථා සංශෝධනය මඟින් හඳුන්වා දුන් පළාත් සභා ව්‍යුහයෙන් අප රටෙහි පවතින පළාත් පාලන ආයතන ව්‍යුහය දුර්වල වූවා පමණක් නොව රට බෙදීමටද ජාතීන් අතර සමඟිය, සහජීවනය හා සුහදත්වය බිඳ දැමීමට ද ඉවහල් වූ බවද එම ප්‍රකාශය මඟින් පෙන්වා දෙයි.


එමෙන්ම ඇතැම් දේශපාලකයන්ගේ අවශ්‍යතා මත සිය නෑදෑ හිත මිතුරන්ට තනතුරු හා වරප්‍රසාද සකස් කර ගැනීමේ හා මැතිවරණවලදී ජනතා දේපළ අයුතු ලෙස පරිහරණය කිරීමේ අභිලාෂයෙන් වත්මන් රාජ්‍ය යාන්ත්‍රණයේ වියවුලක් ඇති කිරීමට ඉඩ නොදෙන ලෙස වත්මන් රජයන් ඉල්ලා සිටින බවද එම ප්‍රකාශයේ අවධාරණය කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


WhatsApp සමාජ මාධ්‍ය ඔස්සේ අප වෙත ලැබී ඇති මෙම ප්‍රකාශයේ සම්පූර්ණ වාර්තාව මේ සමඟ අමුණා ඇත.

Exit mobile version