පළාත් සභා අහෝසි කළොත් ඉන්දියාව තරහ වෙයි – මෛත්‍රී කියයි

පළාත් සභා ක්‍රමය අහෝසි කළ යුතු බවට අද ඇතැම් අය කතා කළත් එය ලෙහෙසි පහසු දෙයක් නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

එලෙස 13 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ස්ථාපිත කළ පළාත් සභා අහෝසි කළ හොත් ඉන්දියාව ශ්‍රී ලංකාව සමග අමනාප වනු ඇති බව ද පෙන්වා දී තිබේ.

‘ද හින්දු’ පුවත්පතට ඔහු සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ප්‍රකාශ කර ඇත.


මේ අනුව පළාත් සභා අහෝසි කරනවා යනු ගින්දර සමග සෙල්ලම් කරනවා වැනි දෙයක් බව හෙතෙම වැඩිදුරටත් හින්දු පුවත්පතට ප්‍රකාශ කර ඇත.

ඉදිරි පළාත් සභා මැතිවරණයේදී සිය පක්ෂය අපේක්ෂා කරන මන්ත්‍රී ආසන ප්‍රමාණය ලබාදීමට ආණ්ඩු පක්ෂය ක්‍රියා නොකළොත් තනි ගමනක් යාමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කරනු ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

2020 මහ මැතිවරණයට අපේක්ෂකයින් තෝරා ගැනීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අසාධාරණ ලෙස සැලකූ බව ද හෙතෙම සඳහන් කර තිබේ.

පසුගිය මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අපේක්ෂකයන් 30 දෙනකු ලබාදෙන ලෙස ඉල්ලා සිටියද එය ඉටු නොවූ බවත් එලෙස ලබා දුන්නේ නම් තම පක්ෂයට මන්ත්‍රීවරුන් 25 දෙනෙක් අත්කර ගැනීමට අවස්ථාව තිබූ බව හිටපු ජනාධිපතිවරයා පවසයි.

තම පක්ෂයට අඩු අපේක්ෂකයන් ප්‍රමාණයක් ලබාදුන් ආණ්ඩු පක්ෂය මහ මැතිවරණයේදී ඉතාමත්ම සංවිධානාත්මකව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හා අපේක්ෂකයන්ට ප්‍රහාර එල්ල කළ බව මෛත්‍රිපාල සිරිසේන මහතා ‘ද හින්දු’ පුවත්පත සමග පැවති සම්මුඛ සාකච්ඡාවේදී අවධාරණය කර ඇත.

වත්මන් ආණ්ඩුව දහනව වැනි සංශෝධනය අහෝසි ගත් පියවර සම්බන්ධව තමන් තුළ කිසිදු ප්‍රසාදයක් නැති බව පවසන හිටපු ජනාධිපතිවරයා තමන් බලයේ සිටියේ නම් එහි වෙනස්කම් කිහිපයක් සිදු කර එය ශක්තිමත් කරන බවද ප්‍රකාශ කර තිබේ .

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොරෝනා වෛරසය වැලඳී මිය යන අයගේ මළසිරුරු භූමදානය කළ හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවා ප්‍රකාශ කර තිබෙන පසුබිමක මුස්ලිම් ජනතාව සතු ඔවුන්ගේ අයිතිය ඔවුන්ට ලබාදිය යුතු බවද හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

Exit mobile version