පළාත් සභා  අනුව ක්‍රිඩා බෙදිල්ල නතර කරනවා…  ක්‍රීඩා ඇමති නාමල් කියයි 

රටේ පවතින ක්‍රිඩා සංගම්වලට අද තම නිලවරණ පැවැත්වීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනයට යටත්ව සිදු කරන්නට සිදුව ඇති බවත් එය ස්වාධීනවත් රටේ භූගෝලීයවත්  එක් එක්  ක්‍රිඩාවට අනන්‍ය ආකාරයටත් සිදුවිය යුතු බව ක්‍රිඩා සහ තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ අද පාර්ලිමේන්තුවේ දී පැවසීය. මෙසේ හැම ක්‍රිඩාවක්ම පළාත් දිස්ත්‍රික් අනුව සංගම් ආදිය බෙදී තිබීම ඒ ක්‍රිඩාවලට අයහපත් තත්ත්වයක් නිර්මාණය කර ඇති බැවින් නව ක්‍රීඩා පනතෙන් මෙම ක්‍රිඩාවලට අනන්‍ය වු ස්වාධීනත්වයක් ලබා දීමට කටයුතු කරන බවද ඔහු අද පෙරවරුවේ ප්‍රකාශ කළේ සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි හේෂා විතානගේ විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එහිදී ඔහු සඳහන් කළේ මහේල ජයවර්ධන ගේ නායකත්වයෙන් යුතු ක්‍රිඩා කවුන්සිල නිලධාරීන් මූල්‍යමයඉසහ ක්‍රීඩාමය විනිවිද බවකින් යුතු අංගසම්පූර්ණ  නව පනතක් කෙටුපම්පතකට අදාළ කටයුතු කරමින් සිටින අතර එය නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවටද මේ වනවිට යොමු කර ඇති බවය.

එහිදී සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා විසින් අසන ලද ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් නාමල් රාජපක්ෂ මහතා තවදුරටත් සඳහන් කළේ  ඕනෑම ක්‍රිඩාවක් පරිපාලනය සම්බන්ධයෙන් පත් කෙරෙන අතුරු කමිටුවකට තමන් විරුද්ධ බවයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“සියලු  සංගම් නිලවරණවලට යටත්ව පැවතිය යුතුයි. මෙම සංගම්වල නිලධාරීන්ගේ කඹ ඇදිල්ලට ක්‍රීඩකයන් පළි නෑ විශාල අසාධාරණයක් වෙලා තිබෙනවා. හැම ක්‍රීඩාවටම තිබෙන ගැටලුවක්. ක්‍රිඩා පනත නාමල් රාජපක්ෂකගේ එකක් විය යුතු නෑ. එය වෙන කාගේ එකක් විය යුතුත් නෑ එය ක්‍රිඩකයන් රකින ක්‍රිඩාව රකින පනතක් විය යුතුයි. ඒ අනු ක්‍රීඩා පනත සම්පූර්ණනේ වෙනස් කොට යාවත්කාලීන කළ යුතුයි යයි ද පැවසීය.

 

 

 

 

Exit mobile version