පළාත් සභාවට සමගි ජන බලවේගය එජාපය හා එක්ව එන ලකුණු

සියලු විපක්ෂ බලවේග සමග ශ්‍රිලනිපයත් එක් කරගන්න සාකච්ඡා

ඉදිරි පළාත් සභා මැතිවරණයට සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය සහ එම පක්ෂවලට අනුබද්ධ දේශපාලන පක්ෂ එක්ව මුහුණ දීම පිළිබඳව මේ වනවිට අවධානය යොමු කර ඇතැයි වාර්තා වේ.

මේ සම්බන්ධව සමගි ජනබලවේගය හා එක්සත් ජාතික පක්ෂය අතර නිල නොවන මට්ටමේ සාකච්ඡා මේ වනවිට ආරම්භ වී ඇති බව සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරයෙක් ලංකාසරට පැවසීය.

එළඹෙන මැතිවරණයේ දී විපක්ෂයේ දේශපාලන පක්ෂ එක කඳවුරකට ගෙන ඒමේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය පාර්ශවයෙන් රුවන් විජේවර්ධන, පාලිත රංගෙබණ්ඩාර, සමගි ජනබලවේගය නියෝජනය කරන තිස්ස අත්තනායක, රාජිත සේනාරත්න ඉමිතියාස් බකීර් මාකර් දැඩි උත්සාහයක නිරතව සිටින බව ඉතා විශ්වාස කටයුුතු ආරංචිමාර්ග ඔස්සේ ලංකාසරට වාර්තා වේ.


ආණ්ඩුව තුළ දැඩි කලකිරීමකට පත්ව සිටින ශ්‍රි.ල.නි.ප ඇතුළු අනිකුත් බලවේග සමග ද සාකච්ඡා කර ඔවුන්ද මෙම ඒකාබද්ධ වැඩපිළිවෙළ සමග එක් කරගන්නා බව ඉහත මන්ත්‍රීවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අනුව ලඟදීම මේ සම්බන්ධව නිල සාකච්ඡා ආරම්භ කරන බව එම මන්ත්‍රීවරයා වැඩි දුරටත් කීය.

 

Exit mobile version