අද සිට පළාත් අතර සංචරණයට කිසිදු ඉඩක් නෑ – යුද හමුදාපති

අද දින සිට පළාත් අතර සංචරණ සීමා දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට සිදුව ඇති බව සෞඛ්‍ය කාර්ය මණ්ඩල ආරක්ෂක අංශය ඇතුළු අත්‍යවශ්‍යම සේවා හැරුණු කොට වෙනත් කිසිදු පුද්ගලයෙකුට පළාත් අතර ගමන් කිරීමට ඉඩ ලබා නොදෙන බව කොවිඩ් පැතිරීම වැළකීමේ කාර්ය සාධන බලකායේ ප්‍රධානී, යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි .

කොවිඩ් ව්‍යාප්තියේ දැඩි වර්ධනයක් පෙන්නුම් කරන මේ අවස්ථාවේදී පළාත් සංචරණ සීමා දැඩි කිරීමට සිදුව ඇති අතර වෙනත් හේතු පෙන්වමින් ගමන් කරන සියලු පුද්ගලයන් පළාත් සීමාවෙන් පිටතට යාමට උත්සාහ කරන්නේ නම් ඔවුන් වැළැක්වීම සඳහා අවශ්‍ය කටයුතු සලසන බව යුද හමුදාපතිවරයා තවදුරටත් සඳහන් තවදුරටත් සඳහන් කළේය.

කොවිඩ් පාලනය සම්බන්ධයෙන් අද පැවති සාකච්ඡාවලදී මංගල උත්සව සඳහා සහභාගිවීමට ලබාදී තිබු 150 සීමාව 50 දක්වා අඩු කිරීමට පියවර ගෙන ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එසේ වුවද රට සම්පූර්ණ අගුළු දැමීමට හෝ ඇඳිරි නීතිය පැනවීමට කිසිදු අදහසක් නොමැති බව ද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

Exit mobile version