පළාත් පාලන ආයතන නිල කාලය හෙට රැයින් ඉවරයි ! පොහොට්ටුව අත නොහරින තීරණයක?

 

පළාත් පාලන ආයතන 341ක නිල කාලය ඉරිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුවද එහි මහජන නියෝජිතයන්ගේ ධුර කාලය තදුරටත් දීර්ඝ කරගෙන පවත්වාගෙන යාමට රජය උත්සාහ දරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුමුර ඒ අනුව පවසන්නේ මීට ලෙර ලබා දුන් නඩු තීන්දුවක් පදනම් කර ගනිමින් ඒ ඒ පළාත් පාන ආයතන විසිරුවා නොහැර එම සභිකයින් හරහා පළාත් පාලන ආයතන පවත්වාගෙන යාම පිළිබඳව මේ වනවිට නීතිපතිවරයාගේද  උපදෙස් ඉල්ලා ඇති බවයි.

එමෙන්ම අදාළ විෂය භාර අමාත්‍ය  අග්‍රාමාක්‍ය දිනේෂ් ගුණවර්ධනද පවසන්නේ මෙම පළාත් පාලන ආයතන කොමසාරිස්වරුන්, ලේකම්වරුන් වැනි රාජ්‍ය නිලධාරීන් අතට පත් නොකොට අදාළ මහජන නියෝජිතයන්ගෙන් පවත්වා ගැනීම පිළිබඳව සාකචඡා වට කිහිපයක් පවත්වා යම් එකඟතාවකට පැමිණි බවය.

පළාත් පාලන පනතට අනුව මහ නගර සභා 29ක, නගර සභා 36ක සහ ප්‍රාදේශීය සභා 275ක නිල කාලය මාර්තු මස 19 වැනිදායන් අවසන් වන අතර ඊට පසුව මැතිවරැණයකින් සභිකයින් තෝරා පත් කර ගන්නා තෙක් පළාත් පාලන කොමසරිස් වරයා යටතට මෙම ආයතනවල  පාලනය පැවරේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තෙදේ වුවද ඊයේ මෙම පලාත් පාලන ආයකන බහුතරයක බලය හිමි පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ඇතුළු පොහෙට්ටු කණඩායම එහිදී අවධාරණය කර ඇත්තේ මහජන නියෝජිතයන් ලෙස තවදුරටත් කටයුතු කිරීමට ඔවුන්ට හැකියාවක් පවතින අතර ඒ අනුව කටයුතු කරන බවයි. විශේෂනේ ඊළඟ මැතිවරණයක් පැමිණෙන තෙක් ආදළ ආයතන අත්පත් කර ගැනම වාසිදායක බැවන් මෙලෙස පැරනි නඩු තීන්දුවක් පදනම් කරගෙන සබාවල බලය තවදුරටත් රැක ගැනීමට ඔවුන් උත්සාහ දරන බව ආදළ ආරංචි මාර්ග සඳහන් කරයි.

 

Exit mobile version