පසු අස්වනු හානිය අවම කිරීමට පරීක්ෂණ සඳහා වැය කළ දාහතර කොටි පනස් ලක්ෂයක් වතුරේ ගිය හැටි විගණනය හෙළි කරයි!

Fruit

ලලිත් චාමින්ද –

එළවළු  හා පළතුරු පසු අස්වනු හානිය අවම කිරීම සඳහා 2013 වර්ෂයේ  සිට 2018 වර්ෂය දක්වා  කාලය තුළ කෘෂිකර්ම ක්ෂේත්‍රයට සම්බන්ධ රාජ්‍ය ආයතන 05ක් විසින්  රුපියල් මිලියන දාහත කෝටි පනස් ලක්ෂයක්              (14,50,00000) වැයකර  පර්යේෂණ  82ක් සිදුකොට තිබුනද පසු අස්වනු හානිය පිළිබද ගැටලු අවම කිරීම සඳහා එම පර්යේෂණ  දායක කරගෙන නොමැති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති වාර්තාවක සඳහන් වේ.

කෘෂිකාර්මික පර්යේෂණ වලදි මුහුණ දෙන ගැටලු නිරාකරණය  කිරිම සඳහා  ශ්‍රි ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාව  මගින්  ජාතික කමිටු 12ක් ස්ථාපිත කොට ඇත. ඉන් මුලික වශයෙන් පසු අස්වනු  තාක්ෂණය හා  අගය එකතු කිරීම පිළිබඳ ජාතික කමිටුව හා සමාජ ආර්ථික හා ප්‍රතිපත්ති විශ්ලේෂණය  සඳහා වන ජාතික කමිටුව ක්‍රියාත්මක වේ.  ඒ අනුව  රුපියල් මිලියන 145ක් වැයකර  සිදුකර තිබු පර්යේෂණ 82ක ප්‍රමාණය උක්ත කමිටුව යටතේ  කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාව මගින්  නියාමනය වි  . බවද විගණන වාර්තාවේ සදහන් වේ.  එම නිසා පසු අස්වනු ක්ෂේත්‍රය සම්බන්ධව සිදුකළ පර්යේෂණ පසු අස්වනු හානිය පිළිබඳ ගැටලු අවම කිරීම සඳහා දායක කර නොමැති බව නිරික්ෂණය වු බවද විගණන වාර්තාවේ දැක්වේ.

මෙම කාලය තුළ දී පශ්චාත් අස්වැන්න පිළිබඳ තාක්ෂණ ආයතනය  පර්යේෂණ 18ක්, හෙක්ටර් කොබ්බැකඩුව ගොවිකටයුතු හා පර්යේෂණ පුහුණු ආයතනය  පර්යේෂණ 11 ක්, කෘෂිකර්ම දේපාර්තමේන්තුව  ආහාර පර්යේෂණ ඒකකය. පාර්යෙෂණ 42ක් කාර්මික තාක්ෂණ ආයතනය පර්යේෂණ  15 ජාතික විද්‍යා පදනම පර්යේෂණ 09ක් සිදුකොට ඇත. පසු අස්වනු හානිය සම්බන්ධව එකිනෙකට සමාන  විෂයයන් පිළිබඳ පර්යේෂණ ආයතන කිහිපයක් මගින්  සිදුකර තිබු අවස්ථා නිරීක්ෂණය  වි ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. මෙකී සමාන කාර්යයන් වෙනුවෙන් පර්යේෂණ ආයතන කිහිපයක් විසින්  සම්බන්ධීකරණයකින් තොරව මුදල් වියදම් කර  පර්යේෂණයන් සිදුකර තිබිමෙන්  පාර්යේෂණ පිළිබඳ පොදු රාජ්‍ය ප්‍රතිපත්තියකත්  නොමැති බවට නිරික්ෂණය වන බවද විගණන වාර්තාවේ සදහන් වේ.


තිරසර සංවර්ධන ඉලක්ක ලඟා කරගැනීම සඳහා 2022 වර්ෂය වනවිට  එළවළු හා පළතුරුවල පසු අස්වනු හානිය  සියයට 15 දක්වා අඩුකිරීමට  ජාතික පසු අස්වනු කළමණාකරණ ආයතනය අපේක්ෂා කරතිබුණි. 

මේ සඳහා 2022වනවිට  එළවළු වර්ග 10ක පළතුරු වර්ග 10ක පසු  අස්වනු හානිය අවම කිරීම සඳහා  පර්යේෂණ පැවැත්විමට අපේක්ෂාකොට  තිබුණි.    ආයතනය විසින්  අඹ භෝගයේ පසු අස්වනු කළමණාකරණය සම්බන්ධව  රුපියල් මිලියන 3.183ක් වියදම් වු පර්යේෂණ 03ක් හා  පේර අන්නාසි, ගස් ලබු කල්තබා ගැනීම සම්බන්ධව  රුපියල් මිලියන 3.698ක් වටිනා පර්යේෂණ 01ක් හා පළතුරුවල  පරිනත අවධිය හඳුනාගැනිම සඳහා උපකරණයක් පිළිබද  ප ර්යේෂණයක් සිදුකර තිබුණි. එහෙත් එහි ප්‍රතිඵල නිසි ලෙස ප්‍රායෝගික කර නැති බව විගණනයේ දී හෙළි විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙරට එළවළු හා පළතුරු පසු අස්වනු හානිට අවම කිරීම  සාධාරණ මිලට අලෙවි කිරිම සඳහා අදාල රාජ්‍ය ආයතනවල මැදිහත්විම සම්බන්දයෙන් මෙකි විගණනය සිදුකොට තිබුණි.

Exit mobile version