පසුගිය මාස හයහමාරට ළමා අපයෝජන පැමිණිලි 4700ක්

CHILD ABUSE

කීර්ති ප්‍රනාන්දු –

මේ වසරේ ගතවූ මාස හය හමාරක කාලය තුළ ළමා අපයෝජන පැමිණි 4700ක් තම අධිකාරියට ලැබී ඇතැයි ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහචාර්ය මුදිත විදානපතිරණ පවසයි.

ළමාරක්ෂක අධිකාරියේ සංඛ්‍යා ලේඛනවලට අනුව ගත වු මාස හය හමාරක කාලය තුළ බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක් වූ සිද්ධීන් 391ක්, දරුවන්ට කෘර ලෙස සැලකීම හා වද හිංසා කිරීම් සම්බන්ධ සිද්ධි 1341ක්,  දූෂණ 23ක්, දරුවන් මෙහෙකාර සේවයේ යෙදවීම් 1370ක්  වාර්තා වී ඇති බව පැවසේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම සිදුවීම් වාර්තා වී අත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් 508ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 438ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 384ක්, කළුතර දිස්ත්‍රික්කයෙන්  262ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 337ක් ලෙසය.


 

Exit mobile version