පස්වෙනි වරටත් මඩොල්සිම හෙල්ලෙයි….

කීර්ති ප්‍රනාන්දු –

මඩොල්සිම ඇකිරිය ග්‍රාම නිලධාරී වසමේ එගොඩගම, අලුත්වත්ත, පල්ලෙවෙල ගම්මාන ආශ්‍රිතව අද (12) අලුයම 4.55 යළිත් භූ කම්පනයක් ඇති විය.

මෙම භූ කම්පනය ඇති වන්නේ ආසන්න පස්වන වරටය.

මින් පෙර ඉකුත් 22 රාත්‍රියේ 9.55ට, 22 දා අළුයම 3.30ට, එදිනම උදේ 10ට, 31 දා අලුයම 2.59ට මින් පෙර භූ කම්පන 04ක් සිදු වී තිබිණි.


අනතුරුව ඉකුත් 31 දා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ  භූ භෞතික විද්‍යාඥ මහින්ද සෙනවිරත්න ඇතුළු විද්වත් තාක්ෂණික කණ්ඩායමක් ක්ෂේත්‍රයට ගොස් පරීක්ෂා කර බලා ඇකිරිය ගම්මානයේ තෝරාගත් නිවසක භූ කම්පන මානයක් සවි කළේය.

අද දිනයේ මෙම භූ කම්පන මානයේ දත්ත නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව යම් නිගමනයකට එළඹීමට නියමිත බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශ ආරංචි මාර්ග පැවසුවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඇකිරිය පවුල් 325ක පුද්ගලයන් 1200ක් ජීවත් වේ.

Exit mobile version