පවුල් 485ක පුද්ගලයින් 2374ක් අවතැන්… මරණ 03යි… ( වීඩියෝ සහිතයි)

තුෂාරී කළුබෝවිල –

නිරිතදිග මෝසම සක්‍රිය වීමත් සමග ඇති වූ නායයාම්, ජල ගැලීම් හා දැඩි සුළං හේතුවෙන් පුද්ගලයින් 3 දෙනෙකු මියගොස් 5 දෙනෙකු තුවාල ලබා ඇති අතර දිවයිනේ දිස්ත්‍රික්ක 7ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 35කට අයත් පවුල් 3037ක පුද්ගලයින් 12289 දෙනෙකු මේ වනවිට පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එසේ ම නිවාස 327කට අලාභ හානි සිදුව ඇති අතර පවුල් 485කට අයත් පුද්ගලයන් 2374 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 15ක රඳවා ඇත.

අතිශය සංවේදී දර්ශන සහිතයි…. නාවලපිටිය කැටබුලාව පාලම අසල දී ජල පහරට හසුව මිය ගිය තිදෙනාගේ අවසන් මොහොත  මේ දර්ශන පෙළේ දැක්වේ…

&


;

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිවයිනේ දිස්ත්‍රික්ක 8ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 29කට නාය යාම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර එයින් කොට්ඨාස 11ක් දැඩි අවදානම් බව දක්වා තිබේ.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ, හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල, මහනුවර දිස්ත්‍රික්කයේ ගඟ ඉහළ කෝරළය, මැදදුම්බර, දෙල්තොට, පස්බාගේ, උඩපළාත, දොළුව, කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, දෙහිඕවිට, අරනායක, යටියන්තොට, මාතලේ දිස්ත්‍රික්කයේ  උකුවෙල, මාතර දිස්ත්‍රික්කයේ අතුරලිය, මුලටියන, පස්ගොඩ, නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය, අඹගමුව, කොත්මලේ, රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ, ඇලපාත, කලවාන, නිවිතිගල, කහවත්ත, කුරුවිට, ඉඹුල්පේ, පැල්මඩුල්ල, ඇහැලියගොඩ සහ රත්නපුර දිස්ත්‍රික්කවලට නාය යාම් අවධානම පවතී.

මේ අතර ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර් 100ට වැඩි තද වර්ෂාපතනයක් ඇති වන බවත්, සෙසු දිස්ත්‍රික්කවලට ද තද වැසි ඇතිවන බැවින් එම ප්‍රදේශවල පස් කඳු කඩා වැටීම්, නායයාම්, දිය උල්පත් මතුවීම්, පහත් බිම් යටවීම් ආදිය සිදුවිය හැකි බව අවධාරණය කෙරේ.

තද වැසි සමග බොහෝ ප්‍රදේශවලට තද සුළං තත්ත්වයක් ද පවතින බැවින් ගස් අතු කඩා වැටීම් වැනි අනතුරුවලින් ආරක්ෂා වන ලෙස ද අනතුරු ඇඟවේ.

නාවලපිටිය කඩියාලෙන ඇල්ල වියරු වැටී ඇති ආකාරය…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


Exit mobile version