පල්ලෙකැලේ බන්ධනාගාරය තුළ තවත් රැඳවියෙක් සිය දිවි නසා ගනි… සතියක් තුළ මරණ 03යි…

suicide

පල්ලෙකැලේ දුම්බර බෝගම්බර බන්ධනාගාරය තුළ  අද (27)  උදේ 10ට පමණ තවත් රැඳවියෙක්  ගෙල වැල ලාගෙන සිය දිවි නසාගෙන තිබේ.

පසුගිය සතියක කාලය තුළ සිය දිවි නසා ගත් 03වන පුද්ගලයා මෙම රැඳවියා ය.

බන්ධනාගාරයේ එස් වාට්ටුවේ වැසිකිළියක් තුළ මෙසේ ගෙල වැල ලාගෙන මියගොස් ඇත්තේ එම්. මනෝජ් නිරන්ජන් (35) නැමැති පේරාදෙණිය අමරසිංහ මාවතේ පදිංචි රැඳවියෙකි.

ඔහු බන්ධනාගාරගත වී ඇත්තේ අඬ දබරයක දී පුද්ගලයෙකුට පහර දී තුවාල සිදුකිරීමේ වරදටය.


පසුගිය 21 වැනිදා  පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයේ දී තරුණ රැඳවියෙක් ගෙල වැල දමාගෙන සිය දිවි හානි කරගත්තේය. එදිනම එළිමන් සිර කඳවුරේ සිටි රැඳවියෙක් පලා ගියේය.

පසුගිය 24 වැනිදා පල්ලේ කැලේ එළිමහන් බන්ධනාගාරයේ සිටි රැදවියෙක්  මහවැලි ගඟට පැන පලා යෑමට තැත් කිරිමේ දී මිය ගියේය. මළ සිරුර හමුවන්නේ පෙරේදා (25) ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එමෙන්ම පසුගිය මස 05 වැනිදා බන්ධනාගාරය තුළ තවත් රැඳවියෙක් සිය දිවි හානි කරගෙන තිබිණි.

 

 

Exit mobile version