පල්ලන්සේන බන්ධනාගාරෙදී සැලකුවේ බල්ලන්ට වගේ නිරුවත් කළා පහර දුන්නා!

පාරිභෝගික අයිතීන් ගැන කතා කරන අසේල සම්පත් කියයි

තමන් බන්ධනාගාරගත කළ කාලයේදී කුරිරු වධ බන්ධනවලට ලක්වීමට සිදුවූ බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති අසේල සම්පත් මහතා නිරෝධායනය සඳහා රැඳවියන් යොමු කෙරෙන පල්ලන්සේන කඳවුරේදී රැඳවියන්ට සලකන්නේ බල්ලන්ට වගේ යයි පවසයි.

පසුගිය අප්‍රියෙල් 13 වැනිදා අත්අඩංගුවට ගත් තමන් වැලිකඩ බන්ධනාගාරයේදී අලුත් අවුරුදු දිනයේදී සාදරයෙන් පිළිගෙන කෑම බීම දී නිරෝධායනය සඳහා පල්ලන්සේන කඳවුරට රැගෙන ගිය බවත් එහිදී පොලු පහර පහකට අමානුෂික ලෙස ලක්වීමට සිදුවූ බවත් ඔහු පවසයි.

මාධ්‍යෙව්දී චමුදිත සමරවික්‍රම ගේ ටෘත් විත් චමුදිත යූ ටියුබ් නාලිකාවට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ඔහු පැවසූයේ තමන් අත්අඩංගුවට ගත්තේ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ගේ බලපෑමට බවත් තමන් සම්බන්ධයෙන් ඇමතිවරයා සමඟ සමාජ ක්‍රියාකාරිකයෙක් කතා කළ අවස්ථාවේ තමන්ට විරුද්ධව කළ හැකි උපරිමය කරන බව පවසා ඇති බවත් එම හඬ පටයද තමන් මේ වනවිට අධිකරණයට ඉදිරිපත් කළ බව පවසන අසේල සම්පත් මහතා තමන්ට බන්ධනාගාරයේදී දසවධවලට ලක් විමට සිදුවූයේ ඇමතිවරයාගේ මේ උපරිමය කිරීම නිසා බව ද සඳහන් කළේය.


පල්ලන්සේන කඳවුරට ගෙන ගිය තමන්ට පොලු පහර ලබා දීමත් පසුව නිරුවත් කිරීමකට ලක් වූ බවත් පවසන අසේල සම්පත් මහතා මේ පහත් හැසිරීම්වලට බන්ධනාගාර නිලධාරීන් එහි සිටි රැඳවියන්ද යෙදා ගත් බව සඳහන් කළේය. සම්මුඛ සාකචඡාවේදී ඔහු දැක්වූ අදහස් මෙසේ වෙයි.

“මේ රටේ බෝඩ්වල සිරකරුවෝද මනුෂ්‍යයෝය කියලා ගහල තිබ්බට බන්ධනාගාර තුළ තනිකර අපාදුක් විඳිනවා. පල්ලන්සේනට යැව්ව අපිට ගියපු ගමන් පොලු පාරවල් පහක් ගහනවා. ඒක නිරෝධායන මධ්‍යස්ථානයක්.විශාල පිරිසක් එකට දානවා. කන්න බොන්න පිඟානක් වතුර කෝප්පයක්වත් දුන්නේ නෑ.

පසුව මාව බෝගම්බරට දැම්ම එතනත් ප්‍රධාන ජේලර් අපිව ඇතුළට ගත්තේ ලොකු පී.වී.සී බටයකින් ගහල. එතනදීත් නිරුවත් කරනවා. අධිකරණයෙන් මට 19 වැනිදා ඇප දීලා. මම දන්නෙත් නෑ . විසි වෙනිදා මම කාමරේ සිංදු කිව්වා කියලා මට ගහනවා.අපි සිංදුකියන්නේ නැතිව පොඩි කාමරේක අට දෙනෙක් එක්ක චක්ගුඩු ගහන්නද? මුළු බන්ධනාගාරෙම අය සිංදු කියනවා. ඒත් මට මේ පහර දීම කළේ අර දේශපාලන බලපෑම නිසයි.මට පහර දුන්නේ ඉන්චාර්ජ් හිටිය ජගත් කියන බන්ධනාගාර නිලධාරියා.හඳුනා ගැනීම් පෙරෙට්ටුවක් තිබුණොත් මම පෙන්වන්නන්ම ඒ අප්පුහාමි කවුද කියල.

මාත් එක්ක මේය අය විරුද්ධ මම දිගටම පාරිභෝගික අයිතිවාසිකම් ගැන කතා කරන නිසයි. පාරිබෝගිකයන්ට වස විස කැවීමට විරුද්ධ වෙන හින්ඳයි. වැලිගම සතොසේ පරිප්පුවල විතරද ඇෆ්ලටොක්සින් තියෙන්නෙ. ඇයි ඒ පරිප්පු වෙන තැන්වල නැද්ද. වැලිගම සතොසට විතරද ඒ පරිප්පු ගියේ. මම ම් කතාව මතු කළා. මේ ගොල්ලෝ මොකක්ද කළේ පුෂ්පිකාගෙ ඔටුන්න දාලා ඇෆ්ලටොක්සින් කතාව වැහුවා. මම කිව්වේ මේ දෙන බඩු මල්ලේ (ලංකා සතොස මගින් පසුගිය දිනවල රු.1000 සහන මිලට ලබාදුන් බඩු මල්ල ) ඇෆ්ලටොක්සින් නැති පරිප්පු කියනවා කියලා ඇමතිවරයා කොහොමද සහතික වෙන්නේ? මම ඇහුවෙ එච්චරයි.
මම ජීවත් වෙන්නේ මුල ඉඳලම මාත් එක්ක මේ සමාජ ක්‍රියාකාරීත්වයේ සිටින ව්‍යාපාරිකයන් කීප දෙනෙක්ගේ උදව්වෙන්. මට ෆුට් බයිසිකලයක් වත් නෑ මම යන්නේ පයින්. මගේ සපත්තු දෙක ගෙවිල මාස එකහමාරයි මට සපත්තු දෙකක් දාන්න පුළුවන් මං ඇවිදින තරමට. මගේ හිතට හරියට ජනේලයක්වත් නෑ. ගමේ ඉඩම් විකුණලා මේ ඉඩම අරගෙන මෙච්චරයි මට ගේ හදාගන්න පුළුවන් වුණේ. මොන NGO සල්ලියක් වත් මට නෑ.

බන්දුල ගුණවර්ධන මැතිතුමා මිලියන 500 ක වන්දි ඉල්ලා එන්තරවාසියක් එවනවා කිව්වට අද මේ තව වෙනතුරු මගේ ගෙදරට එහෙම එකක් ඇවිත් නෑ. මම දන්නෙ නෑ මොකද වෙන්නේ කියලා. එතුමා මිලියන පන්සිය ඉල්ලන්නේ එතුමාගේ දරුවො හතර දෙනා එක්ක ජීවත් වෙන්න. 2012 දී එක පවුලකට රුපියල් දෙදහස් පන්සියයක් ඇති ජීවත්වෙන්න කියපු මනුස්සයා එයායි දරුවෝ දරුවෝ හතර දෙනයි එක ජීවත් වෙන්න මං මගෙන් මිලියන 500ක් ඉල්ලනවා. මේ තියෙන ගෙයයි ඇඳි වතයි ඔක්කොම තමයි දෙන්න වෙන්නේ. වෙන දෙන්න දෙයක් නෑනේ මට.

මාව හදිසියේ අත්අඩංගුවට ගත්තේ පරණ නඩුවක් පටළවලා. ඊට හේතුව වෙන මොකුත් නෙවෙයි මේ බඩු මල්ල විවේචනය කිරීම තමයි

මගේ සංගමයේම චිරන්ත අමරසිංහ මහත්තයා බන්දුල ගුණවර්ධන ඇමතිට කතා කරලා මොකක්ද මේ අසේලත් එක්ක තියෙන ප්‍රශ්නය ඇහුවම ඇමතිවරයා කියනවා මට පාහරයා කියලා. මං වගේ සිවිල් ක්‍රියාකාරිකයෙකු ට එහෙමයි කතා කරන්නෙ. එයා කියනවා මට කරන්න පුළුවන් උපරිම දේ කරනවා කියලා ඒ කියන එක අපි අධිකරණයට දීලා තියෙන්නේ. අන්න ඒ උපරිම දෙයට තමයි මාව බන්ධනාගාරයට ගෙනිහින් දස වද දුන්නේ .

ජනාධිපතිවරයාට මම මේ චෝදනා කරන්නේ නෑ. ජනාධිපතිවරයා දැනගන්න ඕන මේ ඇමති මණ්ඩලේ හදාගන්න . මගේ අත්අඩංගුවට ගැනීම පැහැදිලිවම කුමන්ත්‍රණයක්. වස ටික ටික කෑවට මුකුත් වෙන්නෑ කියන සිද්ධිකාට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ. හැබැයි මේ පරිප්පු වල අෆ්ලටොක්සීන් තියෙනවද නැද්ද කියලා පොඩ්ඩක් බලන්න කිව්ව මාව අත්අඩංගුවට ගන්නවා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙරට වෙළඳ පොළේ පොල් තෙල් වල ඇෆ්ලටොක්සීන්‌ නෑ බය නැතුව කන්න කියලා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ බන්දුල ඇමැතිවරයා අත්අඩංගුවට ගන්න කියලා අපේ සිවිල් ක්‍රියාකාරිකයින් පිරිසක් පැමිණිලි කරනවා. දැන් පිළිකාකාරක තියෙනවා කියලා පොල්තෙල් අයින් කරනවා. බන්දුල ගුණවර්ධන ඇමතිවරයා තැන තැන මිනිසුන්ට වස කැවීම ගැන ඔහු පාරිභෝගික අධිකාරියට වගකිව යුතුයි . අපි ඒ නිසා රහස් පොලිසියට ඔහු වහාම අත්අඩංගුවට ගන්න කියලා පැමිණිලි කරනවා.

Exit mobile version