පල්බොරු කියා දේශපාලන හාල්පාරුවෙක් වෙන්න බෑ – ඇමති බන්දුල කියයි

පල්බොරුකාරයෙක් වී දේශපාලන හාල්පාරුවෙක්වීමට තමන්ට නොහැකි බවත්  බඩු මිල පිළිබඳ පැන නැගී ඇති ප්‍රශ්නය විසඳිය හැකිනම් මේ වනවිට විසඳා හමාර බවත් වෙළෙඳ අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසුවේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (11) කොළඹ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දීය .

“පල්බොරුකාරයෙක් වෙලා දේශපාලන හාල්පාරුවෙක් වෙන්න මට බෑ. බඩු මිල විසඳන්න මට පුළුවන් නම් මං ටක්ගාලා විසඳනවා නේ. “


“උත්සව සමය නිසා හෙට සිට සතොස හරහා නාඩු සහල් කිලෝවක් රුපියල් 99.50කටත් කීරි සම්බා වෙනුවටත් පාවිච්චි කරන්න පුළුවන් සම්බා කිලෝවක් රුපියල් 130කටත් දෙනවා. කිලෝ 5 බැගින් ගන්න පුළුවන්. දෙසැම්බර් 31 වෙනකම් තවත් භාණ්ඩ වර්ග 50ක් වෙළෙඳපොළ මිලට වඩා අඩු මිලට සතොස දෙනවා. සීනි, පරිප්පු ආදිය.”

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඇමතිවරයා කීවේය.

Exit mobile version