පාර්ලිමේන්තු සැසිවාරය අවසන් වීමෙන් පසුව බොහෝ මන්ත්රීවරුන් ගමට යාමට නොහැකි බැවින් විදේශගතව ඇතැයි පරිසර ඇමති මහින්ද අමරවීර සඳහන් කරයි.
රට තුළ විශාල ඩොලර් අර්බුධයක් තිබෙන අවස්ථාවකදි ඩොලර් වැය කරමින් විදෙශගත විම තමා කිසිවිටකත් අනුමත නොකරන බව පෙන්වා දෙන ඇමතිවරයා මෙම මන්ත්රීවරුන්ට ගමට යෑමට නොහැකි වී ඇත්තේ මිනිසුන් බණින නිසා යැයිද ඇමතිවරයා පෙන්වාදේ.
පාර්ලිමේන්ත සැසිවාරය අවසන් කළ පසුව කළ යුතුව තිබුණේ විදේශ ගත වීම නොව තමන්ට ඡන්දය දුන් මිනිසුන්ගෙන් බැනුම් ඇසීමට හෝ ගමට යාමට යැයිද හෙතෙම කියයි.