පරිසර අපරාධකරුවන්ට අධිකරණයෙන් දඬුවම් ලැබෙන විට පරිසරයට සිදුවන හානිය සිදුවී හමාරයි! වන්නිලා ඇත්තෝ කියති…

පරිසරයට හානි කරන   වරදකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ ද කාලයක් ගත වී අධිකරණයෙන් දඬුවම් ලැබෙන විට පරිසරයට වියයුතු හානිය සිදුවී හමාර බව ඌරුවරිගේ වන්නිලැත්තෝ පවසති.

අද 5 පෙරවරුවේ මහනුවර දළදා මාලිග පරිශ්‍රයේදී  පැවැත්වූ පරිසර දින උත්සවයට සහභාගී වෙිමන් වන්නිලා ඇත්තෝ මේ බව පැවසූහ.

වැඩිදුරටත් කතා කළ වන්නිලා ඇත්තෝ කීවේ අධිකරණ යෙන් තීන්දු ලැබෙන්නට හරියටම “කෝණ පොජ්ජෙ 15ක්වත්” ගතවන බවත් පමණට ඇතිවෙන්න පරිසර රැකගන්න නීති තිබුණත් ඒවා හරියට ක්‍රියාත්මක නොවන බවත්ය.

තමන් ජිනීවා නුවර පරිසර උත්සවයකට ගිය අවස්ථාවේදී දැනගන්නට ලැබුණු පරිදි ජිනීවාහි ගසක් කැපීමට අවසර ලබා ගැනීමට පෙර තවත් ගසක් හෝ ගස් කිහිපයක් සිටුවා ඒ බව එහි රජයට ඉදිරිපත් කළ යුතු බව වන්නිලා ඇත්තෝ කීහ.


ලංකාව දෙස බලන විට ගසක් සිටුවනවා තබා නීතියෙන් ගස් සිටුවන ලෙස අණ කළ ද ඒ වග හෝ තැකීමක් කිරීමට ජනතාව උනන්දු නොවන බව වන්නිලඇත්තෝ  පැවසූහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලංකාවේ පරිසරය රැක ගැනීමට අවශ්‍ය නීති ප්‍රමාණවත්ව   තිබුණ නමුත් ඒවා නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට බලධාරින් කටයුතු නොකරන බව ද එයින් සිදුවන්නේ දිනෙන් දින පරිසර හානිය වැඩි වීම බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

 

Exit mobile version