පරිගණක දත්ත පරීක්ෂා කරන්න… කඩාකප්පල් කළා නම් හොයාගන්න පුලුවන්… විදුලි ඉංජිනේරුවරු කියති…

කීර්ති ප්‍රනාන්දු –

අද දහවල් හදිසියේ සිදු වූ විදුලි බිඳවැටීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් ද යන්න පරිගණක පද්ධතිය පරීක්ෂා කිරීමෙන් පසු ඉතා නිවැරදිව හඳුනාගත හැකි වන බව විදුලි ඉංජිනේරු වරුන්ගේ සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා පවසයි.

ඔහු පවසන්නේ විදුලි බලාගාරයේ ක්‍රියාකාරිත්වය ඉතා නිවැරදිව පරිගණක දත්තවල සටහන් වන  බවත් කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදු වූයේද යන්න ඉතා නිවැරදිව එම පරිගණක දත්ත වලින් හඳුනාගත හැකි බවත්ය.

අද දහවල් සිදු වූ හදිසි විදුලි බිඳවැටීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවට විදුලිබල සාමාන්‍යාධිකාරිවරයා කර තිබූ ප්‍රකාශය පිළිබඳව ලංකා සහ අප කළ විමසීමේදී ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු   මේ බව පැවසීය.


විදුලිබල සාමාන්‍යධිකාරි වරයාගේ එම ප්‍රකාශය පිළිබඳව තවදුරටත් කරුණු පැහැදිලි කළ  සෞම්‍ය කුමාර වඩු  මෙසේ ද කීවේය.

බලාගාරයේ සියලු ක්‍රියාකාරිත්වයන් පරිගණක ගත කරලා තියෙන්නේ. එහි සියලු දත්ත පරිගණක ගත වෙනවා.

ඒවා පරීක්ෂා කළාම බිඳවැටීමට හේතුව හොයාගන්න පුළුවන්. හැබැයි එතුමා චක්‍රලේඛන ටිකක් ගහලා තිබුණා වරලත් ඉංජිනේරුවරු කරන වැඩ පහළ සේවකයන්ටත් කරන්න බලතල දීලා වගේ එකක්. නමුත් ඒගොල්ලො ඒවා කරන්න යන්නේ නෑ. මොකද කරන්න බැරි නිසා.

හැබැයි ඉතින්  චක්‍රලේඛනයක් ගහපු නිසා සමහර කෙනෙක් නොදන්නා කමට යමක් කරන්න ගිහින් මොනවා හරි වැරදීමක් උනාද දන්නෙත් නෑ. ඒ ගැන සොයා බැලිය යුතුයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සාමාන්‍යාධිකාරිවරයා ගහපු චක්‍රලේඛන සම්පූර්ණයෙන්ම නීති විරෝධීයි. මොනවා උනත් කුමක් හෝ දෝෂයකට විදුලිය ඇන හිටියා. අපි අකුරට වැඩ කරමින් හිටියත් කඩිනමින් පද්ධතිය යථා තත්ත්වයට ගන්නට අවශ්‍ය කටයුතු කළා.“ යැයි පැවසීය.

Exit mobile version