පම්පෝරි ඉවරයි…   හෙට  විදුලි කප්පාදුව පැය 7 විනාඩි 30ක්…

power-cut

මෙගාවොට් 300ක තාප විදුලි ධාරිතාවක් ජනනය කිරීම සඳහා ඉන්ධන නොමැතිකම හේතුවෙන් විදුලිය විසන්ධි කරන කාලසීමාව වැඩි කරන ලෙස  ලංකා විදුලිබල මණ්ඩලයෙන් කළ ඉල්ලීම මහජන උපයෝගීතා කොමිසම විසින් අනුමත කර තිබේ.

ඒ අනුව හෙට දිනයේ විදුලි කප්පාදුව   පැය 7යි විනාඩි 30ක් තෙක් දීර්ඝ කර ඇත.

A සිට L දක්වා කලාපවලට  උදෑසන 8.30 සිට  පස්වරු 6.30 තෙක් පැය පහක කාලයක් සහ පස්වරු 6.30 සිට රාත්‍රී 11   දක්වා පැය 2යි මිනිත්තු  30 කාලයක්  විදුලිය කප්පාදු කෙරෙනු ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


P සිට W දක්වා කලාප සඳහd  උදෑසන 8.30 සිට රාත්‍රි 6.30 තෙක් පැය පහක් සහ  පස්වරු 6.30 සිට රාත්‍රී 11 දක්වා පැය 2යි මිනිත්තු 15ක් ලෙස පැය හතයි විනාඩි 15ක විදුලි කප්පාදුවක් සිදුවනු ඇත.

 

Exit mobile version