පඬු කරඳ ගස  රතු දත්ත පොතෙන්  ඉවතට….   ශාඛ විශේෂ 64ක්  රතු දත්ත ගොනුවට…

කෘෘඩියා සෙලනිකා හෙවත් පඬු කරඳ - ඡායා රූපයේ දැක්වෙන්නේ දාරළුවේ දී පැවිදි කළ ගසයි...

කීර්ති ප්‍රනාන්දු – 

අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා මාර්ගය ඉදිකිරීමේ දී දැඩි මතභේදයට ලක් වූ කෘඩියා සෙලනිකා ශාඛය  මෙරටින් තුරන්ව ගිය ශාකයක් නොවන බව අද (03) නිකුත් කළ නවතම රතු දත්ත ලේඛනය තහවුරු කළේය.

මෙම නවතම රතු දත්ත ලේඛනය අද (03) පරිසර අමාත්‍යාංශයේ දී එළි දැක්වීම සිදුකෙරනි.

වර්ෂ 2012 වසරේ අවසන්වරට නිකුත් කළ වාර්තාවට ඇතුළත් කර නොතිබුණු හාඛ විශේෂ 64ක් නව රතු දත්ත ලේඛනයට ඇතුළත් කර තිබීම විශේෂත්වයකි.


තවද එම නව වාර්තාව අනුව වර්ෂ 2012 වාර්තාවෙන් මෙරටින් වඳ වී ගිය බවට සැලකුනු ශාඛ වර්ග 05කින් 03ක් නව වාර්තාව මගින්  නව වාර්තාව මගින් සංරක්ෂිත ශාඛ බවට තහවුරු කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එයට කෘඩියා සෙලනිකා ශාඛය ද ඇතුළත්ය.

 

Exit mobile version