පක්ෂ නායකයන් සමග තීරණාත්මක සාකච්ඡාවට පෙර ජනපති මහ නාහිමිවරු හමුවෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් මේ වනවිට ආණ්ඩුවේ හවුල්කාර පාර්ශ්ව වෙතින්ම එල්ල වී ඇති විරෝධතා සහ මේ සම්බන්ධයෙන් මතුවන ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට ආණ්ඩුවේ පාර්ශ්වකාර පක්ෂ නායකයින්ගේ හදිසි රැස්වීමක් අද සවස පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

මෙම සංශෝධන සම්බන්ධයෙන් දැනට මතුව ඇති කාරණා පිළිබඳ ව එහිදී සාක්ඡා කිරීමට නියමිත බව සඳහන් වේ.

පොදු ජන පෙරමුණේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් හෙට (සඳුදා) පැවැත්වීමට නියමිත වන අතර මෙම රැස්වීමට පෙර පක්ෂ නායකයින් අද ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගෙන්වා විසි වැනි සංශෝදනය පිළිබඳව සාකච්ඡා කිරීමට අද කටයුතු කෙරෙන බවද පොදු ජන පෙරමුණු ආරංචි මාර්ග ලංකාසරට අනාවරණය කළේය.


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වීමට නියමිත වන අතර ‍ඊයේ මහනුවර රැඳී සිටි ජනාධිපතිවරයා අද පෙරවරුවේ මහනුවර ශ්‍රි දළඳා මාලිගය වැඳ පුදා ගත් අතර ඊයේ සවස මල්වතු සහ අස්ගිරි මහ නාහිමිවරු බැහැ දුටුවහ.

උන්වහන්සේලා සමඟ ද 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන බව ආරංචි මාර්ග පවසන නමුත් මෙම සාකච්ඡා මාධ්‍යයට විවෘත වූයේ නැත.

එසේ පසුගියදා ආන්දෝලනයට ලක් වූ රාමඥ්ඤ සහ අමරපුර ද්විනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් විසින් මෙම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කළ ඒකාබද්ධ ප්‍රකාශයෙන් පසුව ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයකු පෞද්ගලිකවම මහනුවර හූරිකඩුවේ විහාරස්ථානයේ වැඩ සිටින රාමඤ්ඤ නිකායේ මහා නායක පූජ්‍ය නාපානේ පේමසිරි මහ නාහිමියන් බැහැ දුටු අතර එහිදීද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව වාර්තා වේ.

පසුගිය සතියේද අරලියගහ මන්දිරයේද අග්‍රමාත්‍යවරයා විසින් කැඳවන ලද ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන්ගේ රැස්වීමක් යොදා ගෙන තිබුණද මෙම රැස්වීමේදී 20- වැනි සංශෝධනය සම්බන්ධයෙන් සිදු වූ කතා බහ තුළ ජනාධිපතිවරයා තරමක් ආවේගශීලී වීමත් විමල් වීරවංශ සහ නිමල් සිරිපාල ද සිල්වා යන මන්ත්‍රීවරුන් උණුසුම් වචන හුවමාරුවල පැටලීම වැනි කරුණු නිසා මෙම රැස්වීමේ අපේක්ෂා ඉටු නොවීය.

කෙසේ වුවද මේ වනවිට ආණ්ඩුවට සහය පළ කළ භික්ෂූන් වහන්සේ ඇතුළු සංවිධාන කිහිපයක්ම මෙම සංශෝධනය යළි වෙනස් විය යුතු බවට අවධාරණය කරමින් ජනාධිපතිවරයා වෙත ලිපි යවා තිබුණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව අද සවස ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවත්වෙන මෙම රැස්වීම තීරණාත්මක වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග ලංකාසර ට පැවසීය.

Exit mobile version