පක්ෂ එකඟතාවය කඩ කළ ෆවුසිට එරෙහි විනය පරීක්ෂණයක්…

ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල සමගවන එකඟතා යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දුන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම් ෆවුසිට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට එම පක්ෂය තීරණය කර ඇතැයි සමගි ජන බලවේගයේ මහ ලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර  පවසයි.

මෙම යෝජනාව දින තුනක විවාදයකින අනතුරුව ඊයේ සිදුකළ ඡන්ද විමසීමේ දී  සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රී ඒ.එච්.එම්.ෆවුසි පක්ෂයේ මතයට පිටුපා යෝජනාවට එකඟව ඡන්දය ප්‍රකාශ කර තිබිණි

මේ ඡන්ද විමසීමේ දී සමගි ජන බලවේගය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය.

යෝජනාවට පක්ෂය ආණ්ඩුවෙන් වෙන් වී දැන් විපක්ෂයේ   සිටින අනුර ප්‍රයදර්ශන යාපා, ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා,  සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ, ප්‍රියංකර ජයරත්න, ජී. ජී.  පොන්නම්බලම් යන මන්ත්‍රීවරුන් ද යෝජනාවට පක්‍ෂව  ඡන්දය ප්‍රකාශ ලබා දුන්නේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යෝජනාව වැඩි ඡන්ද 95කින් සම්මත වූයේය.

Exit mobile version