නෝර්වේ වෙසෙන ලාංකිකයෙකුගෙන් කෝටි 12ක් වංචා කළ යාපනේ දෙසෝයුරියෝ රිමාන්ඩ්…

දිනසේන රතුගමගේ –

ව්‍යාජ ලෙස බැංකු ලේඛණ හා අත්සන් යොදාගෙන රුපියල් ලක්ෂ 120 ක් වංචා කළ යාපනයේ නාවන්තුරේ ප්‍රදේශයේ  සහෝදරියන් දෙදෙනෙකු  දෙසැම්බර් මස 2 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස යාපනය මහේස්ත්‍රාත්වරයා  19 දා නියෝග කොට තිබේ.

දැනට නෝර්වේ රාජ්යයේ ජීවත් වන යාපනයේ පුද්ගලයෙකු විසින් පොලිස් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලක් මත කොළඹ සිට යාපනය ගිය පොලිස්  නිලධාරීන් පිරිසක් මෙම සහෝදරියන් දෙදෙනා අත් අඩංගුවට ගෙන තිබේ.

වයස අවුරුදු 34 ක් හා 36 ක් වන එම  සහෝදරියන් දෙදෙනා ගණුදෙණු කරුවන්ගේ අත්සන් ව්‍යාජ ලෙස යොදා ගෙන බැංකු ලිපි ලේඛණද ව්‍යාජ ලෙස සකස් කොට යාපනයේ විවිධ බැංකුවල ගිණුම් හිමියන් 30 දෙනෙකුගේ පමණ ගිණුම් වලින් මුදල් ලබා ගෙන ඔවුන්ගේ ගිණුම් වල එම මුදල් තැන්පත් කොට තිබේ.

මෙම සහෝදරියන්  දෙදෙනාගේ නිවාස පරීක්ෂා කිරීමේදී ව්‍යාජ ලෙස සකසන ලද නීතිඥවරුන් ග්‍රාම නිලධාරින් සාමදාන විනිශ්චයකරුවන්ගේ නිල මුද්‍රා කීපයක්ද සොයා ගෙන තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පොලිස් අපරාධ විමර්ශන  දෙපාර්තමේන්තුව හා යාපනය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

 

Exit mobile version