නෝඩීල්ගම සිට අගමැති හමුවීමට පැමිණි අරගලකරුවන් පිරිසක් පොලිසියෙන් වළක්වයි!

නව අග්‍රාමාත්‍යවරයා පත් වු පසු  අරලියගයගහ මන්දිරය ඉදිරිපිට මයිනාගෝගම වෙනුවට හැදුනු නෝඩීල්ගම සිට  අගමැතිවරයා හමුවීමට පැමිණෙන විරෝධතාකරුවන් පිරිසක් පොලිසිය විසින් මාර්ග බාධක දමා වළක්වාගෙන සිටී.

නව අග්‍රාමාත්‍යවරයා අරලියගහ  මන්දිරයට නොගොස්  මල්පාරේ අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය සිය රාජකාරි කටයුතු සඳහා යොදාගෙන සිටින බැවින් මෙම අරගලකරුවන් අරලියගහ මන්දිරය අසල ඇති නෝඩීල්ගම සිට අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයට පැමිණෙන්නට උත්සාහ කර තිබේ.මුලින්ම මෙම පිරිස කොල්ලුපිටිය  ප්‍රදේශයෙන් මල්පාරට ඇතුළු වීමට කළ උත්සාහය පොලිසිය විසින් වැලැක්වූ පසු විසිර ගොස් නැවත වරක්  කොළඹ රාජකීය විද්‍යාලය අසලින් ඇතුළුවීමට උත්සාහ කරද්දී කොළඹ කාන්තා විද්‍යාලයට ඉදිරියෙන් නැවතත් බාධක යොදා ඔවුන්ගේ ගමන වළක්වා ඇත.

මේ තරුණයින්ගේ ගැටලුව විමසීමට අග්‍රාමාත්‍ය සහකාර ලේකම්වරයෙක් ඔවුන් හමුවට ගොස් ඇති නමුත් උද්ඝෝෂකයන් ඔහු සමග සාකච්ඡා කිරීමට එකඟ වී නැත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට ඇදහැලෙන වර්ෂාව මැද්දේ ඔවුන් සහ පොලිසිය පාර මැද සිටින බව වාර්තා වේ.


Exit mobile version