නොසිතූ ලෙස වැඩි වූ කොරෝනා ආසාදිතයින්

ගෙවුනු සතිය කාලය තුලදී ලොව පුරා කොරෝනා ආසාදිතයින්ගේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

ඒ අනුව ඉකුත් සතියට සාපේක්ෂව සියයට 11කින් ආසාදිතයින්ගේ වැඩවීමක් ලොව පුරා වාර්තා වන බවද එම සංවිධානය පෙන්වා දෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත වලට අනුව ඇමරිකා එක්සත් ජනපදය, ඕස්ටේ්‍රලියාව සහ යුරෝපා කලාපයේ ආසාදිතයින්ගේ සීඝ්‍ර වාර්ධනයක් වාර්තා වන බවට අනාවරණය වේ.


මෙම ආසාදිතයන්ගේ වර්ධනයත් සමඟම ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිතය වුවන්ගේද සීඝ්‍ර වාර්ධනයක් පෙන්නුම් කරන බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙයි.

ඒ අනුව දෙසැම්බර් 22 වැනිදා සිට දෙසැම්බර් 28 වැනිදා දක්වා කාලයේදී දිනකට සාමාන්‍යක් ලෙස නව ආසාදිතයින් නව ලක්ෂ තිස් පන්දහසක් ලොව පුරා වාර්තා වී ඇති බවත් සමස්ථයක් ලෙස ගතවූ සතිය තුලදී පමණක් නව ආසාදිතයින් හැටපන්ලක්ෂයකට අධික සංඛ්‍යාවක් හදුනාගෙන ඇත.

කොරෝනා ආසාදිතයින්ගේ වර්ධනයක් සමඟ ලොවපුරා රෝහල් වල ධාරිතාවය ඉක්මවා යෑමක්ද වාර්තාවිය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වන විට අනුතුරු අඟවා තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් ඇතැම් අධ්‍යයන මගින් අනුව ඔමික්‍රෝන් ආසාදිතයින්ගේ දරුණු රෝග ලක්ෂණ හෝ රෝහල්ගතවීම් අවම බවට හඳුනාගෙන ඇත.

Exit mobile version