නොවැම්බර් 27 නිවෙස් ඉදිරිපිට පහනක් දල්වන්න… ටී.එන්.ඒ උතුරේ දෙමළ ජනතාවට කියයි….

දිනසේන රතුගමගේ –

මෙවර මහවිරු දිනයේදී උතුරු නැගෙනහිර දෙමළ ජනතාව සිය ප්‍රදේශයේ සොහොන් පිට්ටනි වෙත නොයවා සිය නිවස ඉදිරිපිට පහනක් දල්වා මියගිය පිරිස සැමරීමේ ක්‍රියාවකට යොමු කිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කොට තිබේ.

දෙමළ ජාතික සන්ධානය විසින් ගන්නා ලද එම තීරණය උතුරු නැගෙනහිර පළාත් වල සිය දේශපාලනඥයින් හරහා ජනතාව වෙත දැණුම් දී තිබේ.

දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.මයුරන් මේ සම්බන්ධයෙන් ජනතාව දැණුවත් කරමින් වවුනියාවේදී කියා සිටියේ යාපනය කිළිනොච්චි යන පළාත් වල කොරෝනා රෝගයේ වැඩි වීමක් දක්නට ලැබෙන බැවින් ජනතාව රැස් කිරීමේ අවදානමක් පෙනෙන්නට ඇති නිසා මේ තීරණය ගත් බවයි.


අධිකරණ මගින් විවිධ අවස්ථාවල විවිධ තීන්දු දෙන ලද නමුත් මියගිය පිරිස සැමරීමට එය බාධාවක් නොවන බව කී මන්ත්‍රීවරයා මේ අවස්ථාවේදී දෙමළ ජාතික සන්ධානය සැලකිල්ලට ගන්නා ලද්දේ කොරෝනා වසංගතය පමණක් බවද කියා සිටියේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ නිසා නොවැම්බර් මස 27 වෙනිදා සවස සිය නිවස ඉදිරිපිට පහනක් දල්වා යුද්ධයේදී මියගිය තම ඥාතීන් සිහිපත් කිරීමේ අවස්ථාවක් උතුරු නැගෙනහිර ප්‍රදේශ වල සංවිධානය කරණ බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

Exit mobile version