බංග්ලාදේශය ඉතිරි තරග දෙකින්ම පැරදී තමන්ට ඉතිරි තරග දෙකම දිනන තෙක් සුපිරි අටට යන්න බලා ඉන්නා ශ්‍රී ලංකා පිලට අද (11) නේපාලය සමග තරගය ජය ගැනීමත් අභියෝගයක් වන ලකුණු පහල වී තිබේ.
ඒ තරගය පැවැත්වෙන ෆ්ලොරිඩාහි ක්‍රීඩාංගණය පවතින ප්‍රදේශයට මහ වැසි බලාපොරොත්තු වන බව කාලගුණ වාර්තාවල සඳහන් වීමයි.
මෙම තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් හෙට පෙරවරු 5 ට ආරම්භ කිරීමට නියමිතය.
ශ්‍රී ලංකා කණ්ඩායම අද පැවැත්වීමට තිබුණු පුහුණු සැසියද වර්ෂාව නිසා අවලංගු කොට තිබේ.
ශ්‍රී ලංකාව තරග වදින කොටසේ දුර්වලම කණ්ඩායම නේපාල කණ්ඩායම වුවත් දැනට තරග වදින ආකාරය අනුව ඔවුන් පැරදවීමද ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට අසීරු කටයුත්තක් වනු ඇතැයි ජාත්‍යන්තර විචාරකයෝ පවසති.
තරගය වර්ෂාව හේතුවෙන් නොපැවැත්වුවහොත් දෙපිලටම එක් ලකුණ බැගින් හිමි වේ