නුවර සිසුවෙකුගේ උසස් පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණයෙන් C එක A වෙයි… දිස්ත්‍රික් මට්ටම 68 සිට 12 ට

“උත්තර පත්තර බලන්න හොඳ ගුරුවරයෙක් ලැබේවා !“ යැයි බෝධිපූජා තියන්නෙ නිකම් නොවෙයි... සමාජ මධ්‍ය කියයි!

උසස් පෙළ විභාග ප්‍රතිපල නැවත සමීක්ෂණයේදී සංයුක්ත ගණිතය විෂය සඳහා ලැබී තිබූ සී සමාර්ථය වෙනස් වී ඒ සමාර්ථයක් ලැබීමෙන් තමන්ගේ දිස්ත්‍රික්ක මට්ටම 12  වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණි බව   මහනුවර ධර්මරාජ විද්‍යාලයේ රුචිර නිසංග අබේවර්ධන සිසුවා පවසයි.

මෙයට පෙර ගණිත අංශ ප්‍රතිපල මගින් මහනුවර දිස්ත්‍රික්කයේ 68 වැනි ස්ථානයේ තමන් පසුවූ බවද ඔහු කීය.
පසුගිය 2020 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිට ඇති රුචිර රසායන විද්‍යාව හා භෞතික විද්‍යා  යන විෂයන්ට ඒ සමාර්ථ දෙකක් ද සංයුක්ත ගණිතය විෂයට සී සමාර්ථයක්ද ලබා ඇත. සංයුක්ත ගණිතය සඳහා ලැබුණු ප්‍රතිපලය නැවත සමීක්ෂණය සඳහා ඔහු අයදුම් කර තිබේ.

එහිදී ඔහුට සංයුක්ත ගණිතය විෂය සඳහා ඒ සමාර්ථයක් ලැබී ඇත්තේ දිස්ත්‍රික්  ස්ථානය 68 සිට 12 දක්වා ඉදිරියට පැමිණීමටද අවස්ථවා උදා කරමිනි.


මම 2019 වසරේදී පළමු වරට උසස් පෙළ විභාගයට පෙනී සිටි රචිර එහිදී  රසායන විද්‍යාවට ඒ සමාර්ථයක්ද  භෞතික විද්‍යා විෂයට බී  සමාර්ථයක්ද  සංයුක්ත ගණිතය විෂයට  සී සමාර්ථයක්ද ලබා ඇත. පසුව 2020 වසරේදී යළිත් උසස් පෙළ විභාගයට පෙනී සිටි ඔහුට එහිදී ඒ සමාර්ථ දෙකක් සහ සී සමාර්ථයක් ලැබී ඇත.

“එම ප්‍රතිපලය අනුව මට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයට ඇතුළත් වීමට අවස්ථාව ලැබුණා. සංයුක්ත ගණිත ප්‍රශ්න පත්‍රයට මම ඉතා හොඳින් පිළිතුරු ලියූ නිසා නැවත සමීක්ෂණය කරන්න තීරණය කළා. ඒ අනුව ලැබුණු ප්‍රතිපලය අනුව මට මොරටුව විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමට අවස්ථාව තිබෙනවා. “

රුචිර පවසයි.  රුචිරගේ පියා ලලිත් අතුල අබේවර්ධනය සහ මව මාලනී අබේවර්ධන වෘත්තියෙන් ගුරුවරුන්ය. ඔහුගේ සහෝදරිය විශ්ව විද්‍යාල සිසුවියකි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳව පසුගිය වකවානුව පුරා සමාජ මාධ්‍යවල යම් කතාබහක් ඇති වී තිබිණි.

Exit mobile version