නුවර පෙරහැර 13 වැනිදා 23 වැනිදා දක්වා – පෙරහැරේ යන කලා ශිල්පීන් ජෛව බුබුළකට?

මහනුවර ශ්‍රි දළඳා මාලිගාවේ ඓතිහාසික වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය අගොස්තු මස 13 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු කර ඇති බව ශ්‍රි දළඳා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා අද (09) නිවේදනය කළේය. ඒ අනුව පවතින වසංගත තත්ත්වය හමුවේ අවම ජන සහභාගීත්වයකින් යුතුව පෙරහැර පැවැත්වීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බවද දියවඩන නිලමේවරයා පැවසීය.
පෙරහැර මංගල්‍යයේ පළමු චාරිත්‍රය ලෙසින් සිදු කෙරෙන කප් සිටුවීම අගෝස්තු මස 09 වැනි සඳු දින අලුයම සුබ මුහුර්තියෙන් සිදු කෙරන අතර කුඹල් පෙරහර අගොස්තු මස 13 වැනිදා 17 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. රන්දෝලි පෙරහැර අගෝස්තු මස 18 වැනිදා සිට 22 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.
දියකැපුම් පෙරහර අගොස්තු මස 22 වැනිදා රාත්‍රි පිටත්ව පසුදා අලුයම යාමයේ ගැටඹේ දියකපනා තොටේ දිය කැපීම් චාරිත්‍ර ඉටු කිරීමටත් 23 වැනිදා දහවල් පෙරහර පවත්වා යළි ගෙවැදීමෙන් පසුව මෙවර පෙරහර සාර්ථකව පවත්වා අවසන් කළ බවට වන සංදේශය ජනාධිතිවරයාට භාර දීමෙන් අනතුරුව මෙවර පෙරහර මංගල්‍යයට සම්බන්ධ චාරිත්‍ර වාරිත්‍ර අවසන් කෙරෙන බවද දියවඩන නිලමේ දෑල මහතා සඳහන් කළේය.
මේ වනවිට පෙරහැරට සහභාගී වන සියලුම කලා ශිල්පීන් සහ පෙරහරට සහභාගී වන සියලු දෙනා එන්නත්කරණයට ලක් කොට ඇති බැවින් ඔවුන් මෙම දින 10 පුරා ජෛව බුබුලක් ලෙස පෙරහරට සහභාගී කරවන්නේද යන්න පිළිබඳවද අවධානය යොමුව ඇති බව දියවඩන නිලමේවරයා පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වුවද ජන සහභාගීත්වය කෙසේද යන්න තීරණය කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් බලාපොරොත්තු වන බවත් ඒ අනුව කටයුතු කිරීමට සූදානමින් සිටින බවත් පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් වීරසූරිය.මහතා එහිදී අදහස් දක්වමින් පැවසීය.

Exit mobile version