නුවර නීතිඥ සාදය ලේ ගැලුව ගුටි කෙළියකින් නිමයි… 4ක් රෝහලේ

අද (02) අළුයම නුවර තරුපන්තියේ හෝටලයක දී බීමත් නීතියන් පිරිසක් විසින් එම හෝටලයේ කළමණාකරුට පහර දීම නිසා     ඇතුවූ ගැටුමකින් තුවාල ලද නීතිඥවරු දෙදෙනෙක් හා හෝටල් සේවකයින් ‍දෙදෙනෙක් මහනුවර මහ රෝහලට ඇතුළත් කර තිබේ.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

ඊයේ රාත්‍රියේ මහනුවර නීතිඥවරුන්ගේ විශේෂ සාදයක් මහනුවර ප්‍රමුඛ පෙළේ තරු හෝටලයක පවත්වා තිබේ.  නීතිඥවරුන් 300ක් පමණ මෙම සාදයට සහභාගී වී ඇත. රාත්‍රී 12 පමණ වනවිට පැමිණි පිරිසෙන් විශාල සංඛ්‍යාවක් පිටව ගොස් ඇති නමුත් ඉතාම බීමත් නීතිඥයින් 25ක් පමණ හෝටලයේ රැඳී සිටිමින් තමන්ට තව දුරටත් බීමට අවශ්‍ය බව කියා තිබේ.


ඒ අවස්ථාවේ හෝටල් කළමනාකාරිත්වය කියා ඇත්තේ පොඩි වෙලාවක් ලබා දෙන ලෙසත් වෙනත් ස්ථානයක් ඒ සඳහා සූදානම් කළ හැකි බවත්ය.

මේ අවස්ථාවේ දී බීමත්ව සිටි නීතිඥයෙක් පැමිණ කළමනාකාරුට පහර දී ඇත. එය බලා සිටි හෝටල් කාර්ය මණ්ඩලයේ සේවකයන් එය වැළැක්වීමට උත්සාහ කරන විට ඔවුන්ටත් බීමත් නීතිඥ කණ්ඩායම පහර දීම අරඹා ඇත. අවසානයේ දී මෙම ගැටුම දෙපාර්ශවය අතර බරපතල ගුටි හුවමාරුවක් දක්වා වැඩි වී ගොස් තිබේ.

හෝටලය පිහිටි ලෝක උරුම ගොඩනැගිල්ලේ බිත්තිවල තවමත් ඇති ලේ පැල්ලම්… බේබදු නීතිඥයන් මේ ගොඩනැගිල්ලට අලාභානි කර තිබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හෝටලයේ බිත්තිවල හා බිම දවල් වනතුරුත් ලේ පැල්ලම් දක්නට ලැබිණි.  ලේ ගලමින් සිටි බේබදු නීතිඥයන් හා ගැටුමට මැදි වූ හෝටල් සේවකයන් අද අලුයම මහනුවර රෝහලට ඇතුළත් කර තිබේ. මේ දක්වා ඔවුන් රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටිති.

Exit mobile version