නුවරට හෙට ඇඳිරි නීතිය ද?… පෙරහර මංගල්‍යයත් සමග මිනිස්සු දෙලොවක..

හෙට ආරම්භවන මහනුවර දළදා පෙරහරත් සමග නුවරට ඇඳිරි නීතිය දැමීමට සැලසුමක් රාවයක් පැතිරෙමින් ඇති නමුත් මේ වනතුරු ඒ සම්බන්ධ නිශ්ඡිත තින්දුවකට පැමිණ නැතැයි   මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ පොලිස්පති සංජීව ධර්මරත්න පවසයි.

මහනුවර දළදා පෙරහර සංවිධාන කටයුතු පිළිබඳ දැනුම් දුන් දෙවන රැස්වීමේදී ප්‍රකාශයට පත් වුනේ දළදා පෙරහර පවත්වන දිනවල සවස 3ට මහනුවර නගරයේ සියලු වෙළෙඳසල් වසා දමන බවය. අනතුරුව හවස 4 වනවිට නගරය දැඩි සෝදිසියකට ලක් කර සවස 5 වනවිට ඇඳිරි නීතිය පනවන බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මහජනතාවට පෙරහර විවෘත නොකිරීමට ගත් තීන්දුවත් සමග ඇඳිරි නීතිය පනවන්නට අදහස් කර තිබිණි.  එහෙත් මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න පවසන්නේ අද උදෑසනවනතුරුත් එවැනි තීන්දුවක් ගෙන නැති බවය.


Exit mobile version