නීලා වික්‍රමසිංහගේ දේහය තවමත් මිලානෝ රෝහලක- ඉක්මනින් ලංකාවට

ඉතාලියේ මිලානෝ නුවර කොන්සල් ජනරාල්වවරිය ලෙස කටයුතු කරමින් සිටියදී හදිසියේ අභාවප්‍රාප්ත වු ජනප්‍රිය ගායිකා නිලා වික්‍රමසිංහ මහත්මියගේ දේහය මේ වන විට මිලානෝ නුවර පිහිටි සැන් රෆායෙලේ රෝහලේ තැන්පත් කර ඇති බව විදේශ කටයතු අමාතයංශය සඳහන් කරයි. එැයගේ මරණය සම්බන්ධයෙන් අදාළ විධිවිධාන අවසන් වූ පසුව, ඉතාලියේ සහ ශ්‍රී ලංකාවේ බලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් දේහය, ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට නියමිත ව ඇත.

හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් 2022 ජනවාරි 17 වැනි සඳුදා දින ඉතාලියේ මිලානෝහි දී අභාවප්‍රාප්ත වූ මිලානෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් විශාරද ඩී. ඩී. නීලා වික්‍රමසිංහ මහත්මියගේ අභාවය සම්බන්ධයෙන් විදේශ අමාත්‍යංශය සිය බලවත් ශෝකය පළ කර සිටියි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඇය දෙසැම්බර් 29 වැනි දින ඉතාලියේ මිලානෝ නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරිය ලෙස වැඩ භාර ගත්තාය.


Exit mobile version