නීති කඩා ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් වන නුසුදුස්සන් 02ක් පිළිබඳ විරෝධතා ගොනු කරන්න ක්‍රීඩා සමාජ කීපයක් සූදානමින්…

එළඹෙන ක්‍රිකට් නිලවරණය සඳහා ලබා දී ඇති නාම යෝජනා අතරින් නිලවරණ කමිටුව විසින් අනුමත කර තිබෙන නම් අතරින් නම් දෙකක් සඳහා විරෝධතා ඉදිරිපත් කිරීමට ක්‍රිකට් ක්‍රීඩා සමාජ කිහිපයක් සූදානම් වන බව ලංකාසරට වාර්තා වේ.

ඔවුන් ප්‍රශ්න කර සිටින්නේ  ක්‍රිකට් ව්‍යවස්ථාවේ දැක්වෙන නිලවරණයකට ඉදිරිපත් වීමේ සුදුසුකම් නොමැතිව භාර දී ඇති නාම යෝජනා දෙකකට නිලවරණ කමිටුව මගින් අනුමැතිය දුන්නේ කෙසේද යන්නයි.

ක්‍රිකට් ව්‍යවස්ථාවේ අංක 7 ( h)  අනුව  වසර 15 ක් තුළ වසර දෙකක් විධායක සභාවේ හෝ අනුබද්ධ කමිටුවක සේවය කර නොමැති අයකුට නිලවරණයක ප්‍රධාන තනතුරකට නාම යෝජනා ලබා දිය නොහැකිය.

එසේම ව්‍යවස්ථාවේ අංක 7 h (9)     අනුව තමන්ගේ පුත්‍රයකු හෝ හදා ගත්  පුත්‍රයකු ජාතික කණ්ඩායමේ සංචිතයක සිටී නම් ඔහුට විධායක සභාවේ සිටිය නොහැක.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අදාල වගන්ති උල්ලංඝණය කරමින් නාමයෝජනා ලබා දී ඇති දෙදෙනකු සඳහා නිලවරණ කමිටුව විසින් අනුමැතිය ලබා දී තිබේ

Exit mobile version