නීතිය පිළිබඳ මහාචාර්යවරයෙක් ලෙස ප්‍රජාතන්ත්‍ර විරෝධී හදිසි නීතියට එකඟ වෙන්න බෑ – ජී.එල්

GL-Peiris

රටේ වත්මන් තත්ත්වය තුළ හදිසි නීතිය ක්‍රියාත්මක කිරීම පොදුජන පෙරමුණේ  මූලික ප්‍රතිපත්තිවලට විරුද්ධ බවත් නීතිය පිළිබඳ මහාචාර්වරයෙක් ලෙස මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රවේශයට කිසිසේත්ම එකඟවන්නේ නැති බවත් පොදුජන පෙරමුණේ   ආරම්භක සභාපති ජී.එල් පීරිස් පවසයි.

ඔහු සහ  පක්ෂයේ භාණ්ඩාගාරික ඩලස් අලහප්පෙරුම ඇතුළු පොදු  ජන පෙරමුණේ කණ්ඩායමක් ඊයේ  හදිසි නීතියට විපක්ෂව  පාර්ලිමේන්තුවේ දී ඡන්දය ප්‍රකාශ කළේය.

අද (28) විශේෂ මාධය හමුවක් කැඳවමින් මහාචාර්ය ජී.එල්. පීරීස්  මෙසේ පැවසීය.

“ මම තමා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආරම්භක සභාපතිවරයා.  අද රෙටේ පවතින තත්ත්වය අනුව හදිසි නීතිය ක්‍රියාත්මක කිරීඹ සහමුලින්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලික ප්‍රතිපත්තිවලට පටහැනියි.  මානව හිමිකම් සාක්ෂාත් කරගන්න සපයා දෙන සියලු නීති අහෝසි කිරීමට, නිශ්ප්‍රභා කිරීමට බිංදුවට පත් කිරීමට නීතිමය ශඛ්‍යතාවයක් බලයක් තියනවා හදිසි නීතිය යටතේ ප්‍රකාශ කෙරෙන රෙගුලාසිවලට.“


“ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආරම්භක සභාපති හැටියට සහ නිතීය පිළිබඳ මහාචාර්යවරයෙක් හැටියට මට නම් කිසිසේත්ම සාධාරණීකරණය කරන්න බෑ අද දවසේ ශ්‍රී ලංකාව තුළ පවතින තත්ත්වය අනුව හදිසි නීතිය පැනවීම.  ඒ නිසා තමයි මා ඊට විරුද්ධව ඊයේ ඡන්දය ප්‍රකාශ කළේ.“

ඩලස් අලහප්පෙරුමත් මෙම මාධ්‍ය සාකච්ඡාවට එක් විය. පසුගිය ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ අවස්ථාවේ දී ආණ්ඩු පාර්ශවයේ මන්ත්‍රීවරුන් සමග  එකඟතාවයන් දෙකක් ගොඩනැගූ බවත්, එකක් හදිසි නීතියට එරෙහිව ඡන්දය පාවිච් කිරීම බවත්, අනෙක හදිසි නීති ඡන්දයෙක් බැහැර වී ආණ්ඩුවට විරෝධතාවය පළ කිරීම බවත්ය. හදිසි නීති ඡන්දය 41 දෙනෙක් පාවිච්චි නොකළ බව ද ඩලස් අලහප්පෙරුම පැවසුවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අවස්ථාවට පොදුජන පෙරමුණ නියෝජනය කරන මහාචාර්ය ජී.එල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම,  ඩිලාන් පෙරේරා, ආචාර්ය නාලක ගොඩහේවා, මහාචාර්ය චන්න ජයසුමන, වසන්ත යාපා බණ්ඩාර, උදේනි කිරිඳිගොඩ, ලලිත් එල්ලාවල, කේ.පී.එස්. කුමාරසිරි, වෛද්‍ය උපුල් ගලප්පත්ති, තිලක් රාජපක්ෂ යන මන්ත්‍රීවරු එක් වී සිටියහ.

Exit mobile version