නීතිඥ සංගමයේ   සභාපතිවරයාගේ  ආරක්ෂාව තහවුරු කරන්න… නීතිඥ සංගමය පොලිස්පතිවරයාගෙන් ඉල්ලයි…

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස් ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස  ශ්‍රී ලංකා නීතීඥ සංගමය පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින්  ඉල්ලා තිබේ.

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති සාලිය පීරිස්  ගේ නිවස  ඉදිරිපිට පැවති විරෝධතාවයට අදාළව එම ලිපිය පොලිස්පතිවරයා වෙත යොමු කර ඇත.

ජනාධිපති නීතිඥ  සාලිය පීරිස්  කිසියම් සේවාදායකයකු සම්බන්ධයෙන් සිය වෘත්තීය කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් දැක්වූ එම විරෝධතාව අදාලව පොලිස්පතිවරයා  දැනුවත් කළ බව නිතිඥ සංගමය කීවේය.

“මෙම විරෝධතාව මගින් සේවාදායකයෙකු වෙනුවෙන් පෙනී සිටීමට ඇති අයිතියට බරපතල බාධාවක් වන බව අපගේ අදහසයි, එය නීතියෙන් සුරක්ෂිත කර ඇති වෘත්තීය අයිතිවාසිකමකි”, නිතිඥ සංගමය  වැඩිදුරටත් සඳහන් කළේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“එබැවින්, නීතීඥවරයෙකු ලෙස සාලිය පීරිස්ගේ වෘත්තීය රාජකාරිවලට බාධාවක් නොවන බවටත්, ඔහුගේ ආරක්ෂාව තහවුරු  කරන බවටත් පියවර ගන්නා ලෙස අපි තරයේ ඉල්ලා සිටිමු,”  නීතිඥ සංගමය වැඩිදුරටත් ඉල්ලා ඇත.

 

 

Exit mobile version