නිළියන් යොදා රූපවාහිනියෙන් ජනප්‍රිය කළ ග්ලූටතයෝන් නිෂ්පාදන රාජසන්තකයි

ග්ලූටතයෝන් අණු අඩංගු නිෂ්පාදන ආනයනය සහ මෙරට තුළ අලෙවිය තහනම් කර තිබියදී එම තහනම උල්ලංඝනය කරන ෆේෂියා ප්‍රිමියම්, ලියා ෆෙයාර්නස් සහ ඉවන්ටෝන්-සී යන නිෂ්පාදන සියල්ල වහා රාජසන්තක කරන ලෙස ජාතික ඖෂධ නියාමන අධිකාරිය බලධාරීන්ට දන්වා තිබේ.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ ශ්‍රී ලංකා චර්ම රෝග විශේෂඥයින්ගේ ග්ලූටතයෝන් අණු අඩංගු නිෂ්පාදන ආනයනය හා මෙරට වෙළෙඳපොළ තුළ අලෙවිය තහනම් කර ඇත.

එසේවුවද ඉහත වෙළඳනාම සහිත නිෂ්පාදන දිගින් දිගටම මෙම සමාගම් ආනයනය කර ඇත්තේ එම නිෂ්පාදනවල ආරක්ෂාව තවමත් ස්ථාපිත කර නොමැති පසුබිමක් තුළදීය.


ඒ පිළිබඳ වාර කිහිපයකදී අනතුරු අඟවා ඇතත් ඉහත නිෂ්පාදන ආනයනය කිරීම හේතුවෙන් එම තොග රාජසන්තක කිරීමට පියවර ගෙන ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම නිෂ්පාදන ප්‍රවර්ධනය සඳහා වෙළඳ දැන්වීම්වලට අමතරව ජනප්‍රිය නළු නිළියන් රූපවාහිනී නාළිකා තුළ උදෑසන වැඩසටහන් තුළ පෙනී සිටිමින් ඒවායෙන් සිරුරට අහිතකර බාවයක් නොමැති බව පවසන දර්ශන ද ඉතා සුලභව දැකගත හැකිය.

Exit mobile version