ජනාධිපතිවරණයට අදාළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු ඊයේ (18) මධ්‍යම රාත්‍රි 12.00න් අවසන් වු පසු මැතිවරණය පැවැත්වෙන කාලසීමාව දක්වා වු නිහඬ කාලය ප්‍රකාශයට පත්කර තිබේ.
මෙම කාලසීමාව තුළ කිසිදු ආකාරයක ප්‍රචාරණ කටයුත්තක් තහනම් වන අතර මැතිවරණ නීති රීති උල්ලංඝනය කරන ඕනෑම පාර්ශයක් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසියට හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එමෙන්ම සමාජ මාධ්‍ය භාවිතාකරමින් සිදුකරන මැතිවරණ ප්‍රචාරයන් අධීක්ෂණයන් සඳහා වෙනම විශේෂ කණඩායම් දෙකක් මැතිවරණ කොමිෂන් සභාව විසින් යොදවා ඇත.
නිහඩ කාලය ලෙස නම් කළ දින දෙකෙන් පසු 09 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පවත්වනු ලබන ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අනිද්දා (21) පැවැත්වීමට නියමිතව
අනිද්දා පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා ඡන්ද මධ්‍යස්ථාන 13,421ක ඡන්ද විමසීම පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.







