නිශාරා ජයරත්නගේ හඬින් කලබල වූ රිෂාඩ් බදූර්දීන් වාහනෙන් බැස අතුරුදන්වෙලා

හිටපු අමාත්‍ය රිෂාඩ් බදූර්දීන් මහතා අත්අඩංගුවට ගන්නා ලෙස ඊයේ (13) නීතිපතිවරයා පොලිසියට නියෝග කිරීමෙන් පසුව ඔහු මේ වන විට අතුරුදන්ව ඇති බව වාර්තා වෙයි. හිටපු අමාත්‍ය රිෂාඩ් බදූර්දීන් මහතා ඊයේ සවස ජීප් රථයකින් මන්නාරමේ සිට කොළඹ බලා පැමිණෙමින් සිටියදී ඔහු සවස් දෙමින් සිටි එක්තරා ගුවන් විදුලි නාලිකාවක නිතිපතිවවරයාගේ මාධ්‍ය ප්‍රකාශකවරිය වන රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය විසින් ඔහු අත්අඩංගුවට ගැනීමට මහේස්ත්‍රාත්වරයාගේ වරෙන්තුවක් අනවශ්‍ය බවත් පොලිසියට ඔහු අත්අඩංගුවට ගත හැකි බවටත් වූ ප්‍රකාශය ප්‍රචාරය වී තිබේ.

ඒ ඇසුණු සැණින් වහාම තම කොළඹ ගමන නතර කොට අතර මග දී ඔහු වාහනයෙන් බැස වාහන පමණක් කොළඹ එවා ඇති බව විශ්වාස කටයතු අරංචි මාර්ගයක් ලංකාසරට අනාවරණය කළේය.

ඒ අනුව මෙම ජීප් රථය කොළඹ පැමිණ ඇති අතර මේ පිළිබඳව විමසිල්ලෙන් පසුවූ පොලිසිය මේ වනවිට රිෂාඩ් බදූර්දීන් මහතා ගේ රියෙහි ගමන් ගත් ඔහුගේ සමීපතමයින් තිදෙනකු සහ අමාත්‍ය ආරක්ෂක අංශයට අනුයුක්ත ඔහුගේ ආරක්ෂක නිලධාරියා පොලිස් භාරයට ගෙන තිබේ.


හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට ඔවුන්ගේ ප්‍රශ්න කිරීම් ඇතුළු විමර්ශණ හරහා උත්සාහ දරමින් සිටින බව පොලිස් ආරංචි මාර්ග ලංකාසරට අනාවරණය කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පසුගිය වසරේ නොවැම්බර් 16 වැනිදා පැවැති ජනාධිපතිවරණය දිනයේදී අවතැන් කඳවුරක පිරිසක් ඡන්දය ප්‍රකශ කිරීම සඳහා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථවලින් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් පොදු දේපළ අයථා ලෙස පරිහරණය කිරීමේ වරද ඇතුළු චෝදනා කිහිපයත් යටතේ ඔහු අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා විසින් උපදෙස් ලබා දී තිබුණි.

Exit mobile version