නිවෙස්වල සිට නිරෝධායනයට ලක්ව සිටින පිරිසට ඡන්ද වරම්

දිනසේන රතුගමගේ:

කොරෝනා රෝගය හේතුවෙන් සැකමත සිය නිවෙස් වලට සිටින වැසියන්ට මෙවර මහමැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා දෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා 14 දා යාපනයේදී පැවසීය.

උතුරේ මැතිවරණ කටයුතු පැවැත්වෙන ආකාරය හා එහි සූදානම පිළිබදව සොයා බැලීම සදහා සභාපතිවරයා වවුනියාව යාපනය හා මුලතිව් යන පළාත් වල සංචාරය කළේය.


යාපනය දිසාපති කාර්යාලයේදී යාපනය දිසාපති කනපතිපිල්ලේ මහේසන් මහතා සහ මැතිවරණ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවෙන් පසුව සභාපතිවරයා කියා සිටියේ නිවෙස් වල සිට නිරෝධායනයට ලක්ව සිටින පිරිසට මැතිවරණය පැවැත්වෙන දිනයේදී පස්වරු 4 ත් 5 ත් අතර කාලයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා දෙන බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙවර මහමැතිවරණයේදී සෞඛ්‍ය නීතිරීති හා පිළිවෙත් වලට ගරු කරමින් මැතිවරණය පැවැත්වෙන නිසා රජය ඒ නීතිරීති ඇතුළත් ගැසට් පත්‍රය ඉතා ඉක්මනින්ම ප්‍රකාශයට පත් කළ යුතුව ඇතැයිද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මේ සංචාරයේදී කියා සිටියේය.

Exit mobile version