නිවසේ  නිරෝධායනවන අතර මත් කුඩු විකුණලා…තෙලිකඩ සැකකරු අත්අඩංගුවට

ලලිත් චාමින්ද –

නිවස තුළ නිරෝධායනය වෙමින් සිටියදි මත්කුඩු ජාවාරමේ නිරත දෙදරු පියෙකු හා ඔහුගෙන් මත්කුඩු මිලදී ගැනිමට පැමිණි මත්කුඩු ලෝලියකු  ඊයේ (30) අත්අඩංගුවට ගත්බැව් තෙලිකඩ පොලිසිය පවසයි.

මේ තැනැත්තා මත්කුඩු ජාවාරම් කිරිම් සම්බන්දයෙන් බන්ධනාගාරගතව සිට ඇපමත නිදහස්ව   පැමිණි අයෙක් බව වාර්තා වේ.

33 හැවිරිදි මෙම සැකකරු තෙලිකඩ පොලිස් බල ප්‍රදේශයට අයත් කැකිල්ලමණ්ඩිය ප්‍රදේශයේ සිය නිවසේ දී  අත්අඩංගුවට ගෙන ඇත. 


මත්කුඩු මත්කුඩු ජාවාරම්කරු හා  ඔහුගේ බිරිද මත්කුඩු ජාවාරම් කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිට දින 14කට  පෙර ඇප මුදාහැර ඇති බවද පොලිසිය පවසයි. කොරෝනා වසංගත තත්වය හමුවේ මොවුන් ඇපමත මුදාහැර තිබුණි.   නිවසට පැමිණ නිරෝධායනය වෙමින් සිටියදි මෙකි පුද්ගලයා යළිත් මත්කුඩු ජාවාරමේ නිරතව  සිටින බවට පොලිසියට ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. මින් පෙරත් මොහුත් මොහුගේ බිරයත් මත්කුඩු ජාවාරම හේතුවෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තෙලිකඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කේ.එල් එම් ජනකප්‍රිය උ පො ප මලිත් පො කො  67482 ගුරුසිංහ, පො කො 74171විජේසිං  පො කෙ 16923 සංජිව යන නිලධාරින් විසින් සැකකරුවන්  අත්අඩංගුවට ගනු ලැබිය.

Exit mobile version