නිවසේ නිරෝධායනයට යැවූ සැරයන් සිල්ලර කඩයක් ඇරගෙන වෙළෙදාම් කරලා…

කීර්ති ප්‍රනාන්දු – මිනුවන්ගොඩ-

කොවිඩ් ආසාදනය වුණු පළමුපෙළ ආශ්‍රිතයෙක් නිසා නිවස තුළ දින 14ක නිරෝධායනයක් සඳහා යොමු කළ පොලිස් සැරයන් වරයෙකු නිරෝධායනය වන අතර සිය නිවසේ පවත්වාගෙන යන සිල්ලර වෙළෙඳසල විවෘත කර වෙළෙඳාම් කරමින් සිටිය දී අත්අඩංගුවට පත් වී තිබේ.

මාතලේ මහවෙල නිවෙසක් තුළ නිරෝධායනය කළ මෙම සැරයන්වරයා නිරෝධායනය පසෙක තබා සිල්ලර කඩේ වෙළෙඳාම් කරමින් ප්‍රදේශයම අවදානමකට ලක් කරන බව මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරට ලැබුණු තොරතුරක් මත    මහවෙල පොලිසියේ විශේෂ කණ්ඩායමක් යොදා ඒ ගැන විමසා ඇත. පොලිස් කණ්ඩායම යන විට සැරයන්වරයා වෙළෙඳාම් කරමින් හිඳ තිබේ.

වහාම ප්‍රදේශයේ මහජන සෞඛ්‍යය පරීක්ෂකවරයාට දන්වා  විශේෂ පරීක්ෂණයක් කර තවත් දින 14ක් සඳහා නිරෝධායනය දිගු කළ බවත්,  එම නිරෝධායන කටයුතු නිමා වූ වහාම අත්අඩංගුවට ගෙන නීති විරෝධී අනාරක්ෂිත හැසිරිමෙන් සමාජයම අපහසුතාවයට පත් කිරීම පිළිබඳ මේ පුද්ගලයාට  රාජකාරි මට්ටමින් ක්‍රියා මාර්ගයක් ගැනීමට කටයුතු කරන බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ප්‍රකාශ කළේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම පුද්ගලයා නිරෝධායන නීති කඩකිරීම පිළිබඳව ද වෙනම විමර්ශයනක් අරඹා ඇත.

Exit mobile version