නිවසේ ඇති කළ සුනඛයා වියපත් අම්මාව මරා දමයි!

ලලිත් චාමින්ද –

නිවසේ ඇති කරණු ලබන සුනඛයා සපාකැමෙන් බරපතල තුවාල ලැබු වියපත් මවක්  මියගොස් ඇති බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි  ඊයේ (09) පැවති හදිසි මරණ පරික්ෂණයේ දි අනාවරණය විය. 

සුනඛයා විසින් මෙකි මවගේ පපු ප්‍රදේශය සපා කා බරපතල තුවාල සිදුකොට තිබුණි. සුනඛයා සපාකැමෙන් බරපතල තුවාල ලැබු මව  ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් ඇත.

මියගොස් ඇත්තේ  කොදාගොඩ ගමගේ දයාවති (76) නැමති  අහංගම  දිගබැද්ද ප්‍රදේශයේ පදිංචිකාරියකි. 

ඇය දියවැඩියාව හා අධික රුධිරපිඩනය යන රෝග වලින් දැඩිලෙස පිඩාවට ලක්ව සිටි තැනැත්තියකි.   නිවසේ ඇති කරණු ලබන සුනඛයා ගැටගසා සිටියදි මව සපාකා ඇති බව හදිසි මරණ පරික්ෂණයේ දි අනාවරණය විය.


මියගිය මවගේ හදිසි මරණ පරික්ෂණය ගාල්ල නාගරික  හදිසිමරණ පරික්ෂක මහේෂ් කරුණාරත්න   විසින් සිදුකරණු ලැබිය. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පශ්චාත් මරණ පරික්ෂණය  විශේෂඥ  අධිකරණ වෛද්‍ය නිලධාරි මහාචාර්ය යු.සි.පි.පෙරේරා විසින් සිදුකරණු ලැබිය. ඉදිරිපත්  වු සාක්ෂි හා  වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් මරණ පරික්ෂකවරයා සුනඛයකු සපාකෑම නිසා ඇතිවු තුවාල හේතුවෙන් මේ මාතාව  මරණය වි ඇති බවට තින්දු කළේය.

Exit mobile version