නිල කාලය අවසන් වූ ඌව පළාත් සභාවේ සභාපති සහ කාර්ය මණ්ඩලය ලක්ෂ 345ක පඩි අරන්… විගණනය හෙළි කරයි…

නිශ්චිත රාජකාරියක් තබා අඩුම තරමින් පළාත් සභාවට පැමිණි බවට හෝ සටහනක් නෑ…

ලලිත් චාමින්ද-  

හය වන ඌව පළාත් සභාවේ නිල කාලය අවසන්විමෙන් පසු පළාත් සභාවේ සභාපති ධුරය නාමික තනතුරක් බවට පත්ව තිබියදි  සභාපතිවරයාට මාසික ප්‍රවාහන දිමනාවක් ලෙස  රුපියල් මිලියන 16.3ක මුදලක් ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.

එමෙන්ම සභාපතිවරයාගේ  පුද්ගලික කාර්යමණ්ඩලයේ නිලධාරින් 11 දෙනෙකු වෙනුවෙන්  පළාත් සභාවට කිසිදු සේවයක් ලබා ගැනිමෙන් තොරව  වැටුප් හා  දිමනා වශයෙන්  රුපියල් මිලියන 18.20ක මුදලක් ගෙවා තිබුණි. අවම වශයෙන් ඔවුන්ගේ පැමිණිම පිටවිම සටහන් කිරිම සදහා  ලේඛණයක් හෝ නඩත්තු කර නොතිබුණි.

 2019 වර්ෂයේ  ඔක්තෝබර් මස 08 වැනිදින සිට මෙම ගෙවිම සිදුකොට ඇති අතර  පළාත් සභාව සතුව වාහන තිබියදි  සභාපතිවරයාට සුදුසු වාහනයක් ලබාදි වියදම අවම කිරිම වෙනුවට  මාසික ප්‍රවාහන දිමනාවක්  ගෙවිමට කටයුතු කර ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේවුවද සභාපතිවරයා එකී කාලය තුළ පළාත් සභාව වෙත පැමිණිම හෝ  ඔහු විසින් සිදුකරණු ලැබු රාජකාරි කටයුත්තක්ද නිරික්ෂණය නොවු බව විගණන වාර්තාවේ සඳහන් වේ.


 

Exit mobile version