නිල් මැණික් බුදුපිළිමයක් කෝටි 600කට විකුණන්න හදලා

පෞරාණික නිල් මැණිකකින් නිර්මාණය කරන ලද අඟල් දෙකක පමණ ප්‍රමාණයේ බුදු පිළිමයක් රුපියල් කෝටි 600කට විකිණීමට සූදානම් කළ මොණරාගල කුඹුක්කන ප්‍රදේශයේ දී සැකකරුවන් 4 දෙනෙකු සමග පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් අවුරුදු 20, 26, 30, 40 වයස්වල පසුවන පුද්ගලයන් ය.

ඔවුන් රඹෑව, අනුරාධපුරය, පේරාදෙණිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Exit mobile version