“නිරෝධායන නීති නොතකා චීන දූතයින් ලංකාවට ගෙන්වීමේ රහස ජනතාව හමුවේ කියන්න”

සමගි ජන බලවේගය කියයි

නව තාක්ෂණය ඔස්සේ දුරස්ථව හමුවීමේ පහසුකම් මෙපමණ තිබියදී කොවිඩ් ව්‍යසනය හමුවේ අවදානම් තැනක සිටින අපේ රටට නිරෝධායන නීති නොතකමින් චීන දූත පිරිසක් මෙරටට ගෙන්වීමට තිබෙන හදිසිය පිළිබඳව ආණ්ඩුව රටට හෙළි කළ යුතුව ඇතැයි සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.

අද දින ශ්‍රි ලංකාවට දෙදින සංචාරයක් සඳහා පැමිණෙන චීනයේ ඉහළම පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයන් ගෙන්වා ගැනීම පිළිබඳව අදහස් දක්වන අත්තනායක මහතා මේ සම්බන්ධයෙන් සමගි ජනබලවේගය තරයේ රජයට විරෝධය පළ කරන බවද ප්‍රකාශඹ කළේය. රට භයානක ව්‍යසනයකට මුහුණ දී ඇති පසුබිමක ජනතාවගේ ආරක්ෂාවද නොතකා මෙලෙස පවතින නීති රීතිවලටද අනුගත නොවී මෙම දූත පිරිස ගෙන්වා ගැනීමට කටයුතු කර ඇති බවට ඔහු චෝදනා කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රටේ සාමාන්‍ය ජනතාවට නිරෝධායන නීති පනවන මේ ආණ්ඩුව බලවතුන්ට එය ක්‍රියාත්මක නොකොට චණ්ඩිකමින් බල පුළුවන්කාරමින් කරන්නට යාමෙන් රට මහා අනතුරකට තල්ලු විය හැකි බව ද සඳහන් කළේය. බ්‍රැන්ඩික්ස් සේවකයන්ට කොරෝනා බෝවී ඇත්තේ මෙලෙස ඉන්දියාවෙන් පැමිණි පිරිසකගෙන් බවට ප්‍රචාරයක් යන පසුබිමක් තුළ චීන ආණ්ඩුවේ නියෝජිතයන් මෙරටට ගෙන්වන්නේ ඇයිද යන්න ප්‍රශ්නයක් බව කිස්ස අත්තනායක මන්ත්‍රිවරයා විමසා සිටියේය.


Exit mobile version