නිරෝධායන නීති කඩ කර චිත්‍රපටි බලන්න ගිය හැටන් රසිකයන්ට පොලිස් ප්‍රහාරයක්..

දකුණු ඉන්දීය ජනප්‍රිය නළු තලපති විජය රඟන මාස්ටර් දමිළ චිත්‍රපටය හැටන් සිනමා ශාලාවක තෛපොංගල් උත්සවය නිමිත්තෙන් ප්‍රදර්ශනය කෙරෙන බවට ලද වැරදි තොරතුරක් මත නිරෝධායන නීති කඩ කරමින් එම සිනමා ශාලාව වෙත   ඊයේ (13) රැස්ව සිටි පිරිසක් විසුරුවා හැරීමට පොලීසිය කටයුතු කළේය. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වතුකරයේ තරුණ තරුණියන් විශාල පිරිසක් සෞඛ්‍ය උපදෙස්  පිළිපදින්නේ නැති බවත්, සිනමා ශාලාව ඉදිරිපිට චිත්‍රපට ශාලාවට ඇතුළු වීම සඳහා රැස්කකා සිටියදී ඔවුන් විසිරුවා හැරීමට පියවර ගත් බවත් මේ වන විට වතුකරයේ ස්ථාන ගණනාවකින් කොවිඩ් ආසාදිතයින් හමුවීම නිසා සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙස දැනුම් දී තිබියදීත් මෙම පිරිස ඒ කිසිත් මායිම් නොකර චිත්‍රපටය නැරඹීමට පැමිණ සිටි බවත් පොලීසිය පවසයි.

 

 

Exit mobile version