නිරෝධායන දින 14 නිම කළ පිරිස් අතරින් යලි කොවිඩ් ආසාදිතයන් හමුවීමේ වැඩි ප්‍රවණතාවයක්….

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරෙහි සහ පෑලියගාඩ පොකුරෙහි ආශ්‍රිතයන් සේ හඳුනාගෙන දින 14 නිරෝධායනය කර පී,සී.ආර්. පරීක්ෂණයටත් ලක් කර යළි නිවාසවලට යොමු කරනලද පිරිස් අතරින් කොවිඩ් ආසාදිතයන් හමුවීමේ වැඩි ප්‍රවණතාවයක් දකිමින් ඇති බව ප්‍රාදේශීය සෞඛ්‍ය අංශ වාර්තා කරයි.
මෙසේ නිරෝධායනයට ලක් කර කඳවුරුවලින් පැමිණ නිවෙස්වල දින 14 නිරෝධායනය වෙමින් සිටි මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසයේ බෝටියාවත්ත ප්‍රදේශයෙන් එවැනි ආසාදිතයන් 5 දෙනෙක්, කොටුගොඩ ප්‍රදේශයෙන් ආසාදිතයන් 04දෙනෙක් හා කටුනායක ඇගළුම් කම්හල් සේවිකාවන් 03ක් මෙසේ මූලික නිරෝධායන කටයුතු නිම කළ පසු යලි කොවිඩ් ආසාදිතව ඊයේ  (19) දිනය තුළ හමු වූ බව එම වෛද්‍ය අංශ පවසයි.

Exit mobile version