නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කරනවා ද නැද්ද?. තීන්දුව හෙට

නිරෝධායන ඇඳිරි නීතිය  තවදුරටත් දීර්ඝ කරනවා ද නැද්ද යන්න සම්බන්ධව තීන්දුව හෙට ( 03) ප්‍රකාශ කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පවසයි.

සේඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන කියා සිටියේ කොවිඩ් මර්ධන කාර්ය සාධක බලකායේ රැස්වීමක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් හෙට පැවැත්වෙන බවත් එහිදී මේ පිළිබඳව තීන්දුව ලබා ගන්නා බවත්ය.

පසුගිය  20 දා  පැනවූ ඇඳිරි නීතිය ලබන සඳුදා (06) අළුයම 4ට අවසන් කිරීමට නියමිතය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් කෙවිඩ් පාලන රාජ්‍ය ඇමතිනිය කියා සිටියේ තව සති දෙකක්  නිරෝධායන ඇඳිරි නීතිය පවත්වා ගත යුතු බවය.

Exit mobile version