නිරෝධායනය වී පැමිණි බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුරේ 09 දෙනකුට කොවිඩ් ආසාදනය වේ..

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නිරෝධායන කඳවුරුවල දින 14ක් ගත කර දින 10කින් පී.සී.ආර්. පරීක්ෂණ පවත්වා එහි යහපත් ප්‍රතිඵල මත දින 14ක් නිරෝධායනය සඳහා නිවෙස් වෙත යොමු කළ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් 09 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.

මෙම පුද්ගයන් 09 දෙනා නැවත වරක් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත.

ආශ්‍රිතයන් යළිත් නිවෙස් තුළම නිරෝධානයට යොමු කළ බව මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේය.

Exit mobile version