නිරෝධායනයේ සිටිය දී සභාවට පැමිණි කෑගල්ල ප්‍රාදේශීය සභා සභාපති තව දින 14ක් නිරෝධායනයට

කොවිඩ් ආසාදිතයෙකුගේ පළමුපෙළ ආශ්‍රිතයෙක් වී  නිරෝධායනයේ සිටි කෑගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අද (13) පැවති ප්‍රාදේශීය සභා සැසි වාරයට සහභාගී වී සිටිය දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පැමිණ සභාව නවත්වා ප්‍රාදේශීය සභාවෙ සභාපතිවරයා රැගෙන ගොස් අද සිට දින 14ක් නිරෝධායනය කළ පුවතක් කෑගල්ලෙන් වාර්තා වේ.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය. කෑගල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙක් කොවිඩ් ආසාදිත බව තහවුරු වීම නිසා පළමුපෙළ ආශ්‍රිතයන් ලෙස සභාපතිවරයා ඇතුළු පවුල් 40ක් නිරෝධායනය කර තිබිණි.

එසේ තිබිය දී ඔහු අද ප්‍රාදේශීය සභාවේ සභා වාරයට පැමිණියේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ බව සෞඛ්‍ය අංශ වෙත වාර්තා වූ පසු ඔවුන් පැමිණ සභාව නතර කර සභාපතිවරයා නිවසට රැගෙන ගොස් අද (13) සිට දින 14ක් නිරෝධායනයට ලක් කර නිවසේ මෙම නිවස නිරෝධායනය වන නිවසක් බව සඳහන් දැන්වීම ද අලවා ගොස් තිබිණි.

Exit mobile version