නියෝජ්‍ය පොලිස්පති වෙදසිංහට සීඅයිඩියෙන් යන්න වුණේ දේශපාලන බලවතකු නිසා

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර උතුරු වැඩබලන නියෝජ්‍ය පොලිස්පති ධුරයට මාරු කර යවා ඇත්තේ දේශපාලන බලවතෙකුගේ නියෝගයක් ඉටු කිරීමට යෑමේ ප්‍රතිඵලයක් ලෙසින් යැයි වාර්තා වේ.

කාදිනල්වරයා විසින් රිෂාඩ් බදියුදීන්ගේ සොයුරු රියාද් බදියුදීන් නිදහස් කිරීම දේශපාලන ඩීල් එකක් දැයි ප්‍රශ්න කරන තරමට එම සිදුවීම බරපතල සමාජ අර්බුදයක් ඇති කිරීමත්, ජනධිපතිවරයා ප්‍රකාශයක් නිකුත් කරමින් සිදු වී ඇත්තේ දේශපාලන ඩීල් එකක් නොවන බව හා නිලධාරියෙක් අතින් වරදක් සිදු වී ඇතිනම් එය නිවැරදි කරන බව පැවසීමත් සමග මෙම මාරු වීම සිද්ධ වීම සමාජ අවධානයට ලක් වී තිබේ.

කෙසේ වෙතත් රියාද් බදියුදීන් නිදහස් වීමත් සමග රිෂාඩ් බදියුදීන්ගේ ආණ්ඩු හිතවාදී හැසිරීම, එම පක්ෂය තුළම බරපතල විසංවාදයක් ඇති කළ අතර කෙහෙළිය රඹුක්වැල්ල, විමල් වීරවංශ ඇතුළු ආණ්ඩුවේ ප්‍රභල ඇමතිවරු කීප දෙනෙක් රිෂාඩ් බදියුදීන් ආණ්ඩු පක්ෂයට එක්වීමට සූදානම් වීම පිළිබඳව ස්වකීය බරපතල විරෝධය පල කර තිබුණහ. ඇමතිවරු කීප දෙනෙක් ඉල්ලා අස්වීමටත් සූදානම් වූ බව කියැවිනි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නියෝජ්‍ය ප්‍රධානී ධුරයට එස්.පී. රණසිංහ පත්කර තිබේ

Exit mobile version