නියෝජ්‍ය පොලිස්පතිවරු 6කගේ පුටු මාරුවෙයි

වහාම ක්‍රියා ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරුන් 6 දෙනකු ස්ථාන මාරුවීම් හා පත් කිරීම් සිදුකිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය හා මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාව අනුව සේවයේ අවශ්‍යතාව මත මෙම පත්කිරීම් සිදුකර ඇත.

මේ අනුව බස්නාහිර පළාත් උතුරු දිසාවේ කටයුතු කරමින් සිටි නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.එස්.ඊ. ජයසුන්දර මහතා විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරියා ලෙස පත්කර තිබේ.


පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි තනතුරේ සිටි නියෝජ්‍ය පොලිස්පති එන් එල් ගුණතිලක මහතා ත්‍රිකුණාමලය දිසාව වෙත මාරුකර කර යවා ඇත.

කොළඹ රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාවට අමතරව බස්නාහිර පළාත් උතුරු දිසාව වැඩ බැලීම සඳහා නියෝජ්‍ය පොලිස්පති බී.ආර්.එස්.ආර්. නාගහමුල්ල මහතා පත් කර තිබේ.

මානව සම්පත් කලමනාකරණ හා ජාත්‍යන්තර සබඳතා දිසාවට අමතරව බඳවා ගැනීම් හා විභාග දිසාව සඳහා නියෝජ්‍ය පොලිස්පති එම් එන් සිසිර කුමාර මහතා පත්කර ඇත.

බඳවා ගැනීම් හා පුහුණු ජාතික පොලිස් අභ්‍යාස ආයතනය හා සේවාස්ථ පුහුණු දිසාවේ සිටි නියෝජ්‍ය පොලිස්පති යූ පී ඩී කේ පී කරුණානායක මහතා ජාතික පොලිස් අභ්‍යාස ආයතනය දිසාව ලෙස මාරුකර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ත්‍රිකුණාමලයේ දිසාව කටයුතු කළ පොලිස්පති එන් කේ ඩී විජය ශ්‍රී මහතා පුහුණු හා සේවාස්ථ දිසාව වෙත මාරුකර යවා තිබේ.

Exit mobile version